රන්දිකව දැක්ක මොහොතෙම හිතුනා මේ මගේ පෙම්වතා කියලා

නීල පබළු, සිත්, සිඳූ, ආලියා, තාදි කියන ටෙලි වෘතාන්ත තුළින් ප්‍රේක්ෂකයන් අතරට ආ අමන්දා ජයරත්න වර්තමානයේ සිටින යොවුන් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. විවිධ චරිත තුළින් නිරන්තරෙන් පුංචි තිරයෙන් සමීප වුණු අමන්දාගේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කරමින් ‘රැල්ල වෙරළට ආදරෙයි’ විකාශය වීමට නියමිතයි. ඒ නිසාම මේ සියල්ල ගැන කතා කරන්න පිනිපලසේ අපි අමන්දා ජයරත්න සමග කතා කළා.

අමන්දා මතක් කරමු කලාවේ ආරම්භය ගැන?
පළමු නිර්මාණයට මම සම්බන්ධ වෙන්නේ වයස අවුරුදු 17 දී. ඒ නීල පබළු නාට්‍යයේ මොනිකාගේ චරිතය තුළින්. මට ඒ අවස්ථාව දෙන්නේ ලලිත් වසන්ත සර්. මොකද මම වයස අවුරුදු එකේ පටන් වෙළෙඳ දැන්වීම්වල ඉඳලා තියෙනවා. අම්මයි තාත්තයි මුලින් ඉගෙන ගෙන ඉන්න ඕනේ කියලා හිතලා ඒ දේවල් පොඩි කාලෙම නවත්තලා තියෙනවා. ඊට පස්සේ තමා වයස 17න් නැවත නීල පබළු එක්ක සම්බන්ධ වුණේ.

ඔබ රටේ මාතෘකාවක් බවට පත්වෙන්නේ?
මගේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ ‘රැල්ල වෙරළට ආදරෙයි’ නාට්‍යය.

කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?
ඒ අවස්ථාව මට ලැබෙන්නේත් රංගන ශිල්පිනියක් වන අනෝමා කුමුදුනි නැන්දා නිසා. ඊට පස්සේ මම ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියා. එතැනදී මට කිව්වා හරි අපි දන්වන්නම් කියලා. ඊට මාසයකට විතර පස්සේ නිවන්ත අයියා කතා කරලා කිව්වා සතුටුදායක ආරංචියක් කියන්න තියෙනවා කියලා. මම ඇහුවා මොකක්ද අයියේ කියලා. එතකොට තමා කිව්වේ ඔයාව අපේ නාට්‍යයේ ප්‍රධාන චරිතයට තෝරාගෙන තියෙනවා කියලා.

මොකද හිතුණේ ප්‍රධාන චරිතයට තෝරා ගත්තා කිව්වාම?
ඇත්තටම මට ඇඬුණා. නිවන්ත අයියා ඒත් ඇහුවා ඇයි ඔය අඬන්නේ කියලා. මට දැනුණ සතුටට තමා මගේ ඇස්වලින් කඳුළු ආවේ. මගේ ජීවිතේම අලුත් වුණා වගේ හැඟීමක් මට ආවා. මොකද මම ආසාවෙන් හිටියේ ප්‍රධාන චරිතයක් කරන්න. මට දුරකථන ඇමැතුම ආවෙත් මගේ 22 වැනි උපන් දිනයට පහුවදා. ඉතින් මේ ‘රැල්ල වෙරළට ආදරෙයි’ නාට්‍යය තමා මගේ උපන් දිනයට ලැබුණු හොඳම තෑග්ග.කොහොමද ඒ අයගෙන් ලැබෙන සහයෝගය?
කියන්න ඕනේ මේ අය හැමෝම එක්ක මම රඟපාන පළමු අවස්ථාව. බිමල් අයියා රන්දික අයියාව එහෙම දැකලා තිබ්බේ රූපවාහිනියෙන් විතරයි. මම දෙවියන්ගෙන් ඉල්ලුවේ බිමල් අයියා එක්ක ඇත්ත තාත්තයි දුවයි වගේ රඟපාන්න මට ශක්තිය දෙන්න කියලා. බිමල් අයියා එක්ක මට මුලින්ම තිබ්බේ සංවේදී කොටසක්. එදා මට ඉකිගහන්න තරම් ඇඬුණා. මට මගේම තාත්තා වගේ තමා දැනෙන්නේ. ඒ වගේම චමිලා අක්කා එක්ක තමා මගේ මුල්ම රූපගතකිරීම් තිබ්බේ. කතාවට අනුව අම්මා ඉන්නේ ලෙඩ ඇඳේ. අම්මට කතා කරන්න බෑ. මා එක්ක කතා කරන්නේ ඇස්වලින්. ඒ රූප රාමුවත් ඉතාම සංවේදී එකක්. මටත් චමිලා අක්කගේ ඇස්වලටත් කඳුළු ආවා ඒ කොටස කරද්දී.

පෙම්වතා රන්දික, කොහොමද එයාගෙන් ලැබෙන සහයෝගය?
මුලින්ම ස්ක්‍රීන් ටෙස්ට් එක දවසේ තමා රන්දික අයියව හැබැහින් දැක්කේ. එදා මම හිතාගත්තා මේ තමා මගේ පෙම්වතා කියලා. එහෙම හිතාගෙන තමා ඒ දුන්නු දෙබස් ටික මම රඟපෑවේ. ගොඩක් රිලැක්ස් චරිතයක්. මට හොඳ සහයෝගයක් දෙනවා. හිතාගන්න බැරි විදියට අපේ ආදර කතාව රූපගත කරන්න ලොකු සහයෝගයක් ලබා දෙනවා.

ඒ වගේ තමා කෝකිල අයියා සහ දර්ශන් අයියා ගැනත් කියන්න ඕනේ. හැම වෙලාවෙම වචනයකින් හරි මට ලබා දෙන්නේ සහයෝගයක්. මගේ අඩුපාඩු පෙන්වලා දෙනවා. මට තවම මහේන්ද්‍ර පෙරේරා අයියා එක්ක එකම දර්ශන තලයේ රූපගතකිරීම් තිබ්බේ නම් නැහැ. නමුත් දර්ශන තලයේදී මට ගොඩක් ගුරුහරුකම් ලබා දෙනවා. සරත් චන්ද්‍රසිරි මහත්මයත් මට ගොඩක් දේවල් කියලා දුන්නා. මට මේ නාට්‍යය රංගන පාසලකට ආවා වගේ අත්දැකීම් සමුදායක් ලබා ගන්න පුළුවන් වුණා. මෙහි අධ්‍යක්ෂ නිවන්ත අයියා පවා ගොඩක් දේවල් කියලා දෙනවා. මට මගේ විදියට රඟපාන්න නිදහස ලබා දීලා තියෙනවා. යම් නොගැළපීමක් තියෙනවා නම් මට කියලා දෙනවා. මේ හැමෝම මට ආදරෙයි. ඒ අයගේ මගපෙන්වීම එක්ක තමා මම මගේ ගමන හදාගෙන යන්නේ.

කටකතා ගොසිප් ගැන අමන්දා මොකද හිතන්නේ?
මම නම් ගොසිප්වලට බය නැහැ. මගේ හෘද සාක්ෂිය දන්නවනේ මම කරන්නේ මොනවද කියලා. මම වැරැද්දක් කරා නම් තමා ලැජ්ජා බය වෙන්න ඕනේ. ඒ නිසා මම නොකරපු දේවල් ගැන කටකතා පැතිරෙනවා නම් මම ඒ ගැන බය නැහැ. මම කෙලින් කතා කරන කෙනෙක්. ඒ නිසා මම කාටවත් බය නැහැ. ඒ දේවල් මට වැඩකුත් නැහැ. ගොසිප් එකක් ගැහුව පළියට මනසින් වැටෙන්න තරම් මගේ මනස දුර්වල නැහැ.

ක්ෂේත්‍රයේ අයගෙන්ම ආදර යෝජනා එනවා ඇති නේද?
වයස අවුරුදු 17 දීම තමා එහෙම ආදර යෝජනා ආවේ. ඒත් මම තවම කැමති නැහැ ආදර සම්බන්ධයක් පටන් ගන්න. මට නිදහස උපරිම ඕනේ. අහන අය ඉන්නවා. ඒ ඉතින් ඒ අයට හිතෙන දේනේ. කැමති නැහැ කියන එක විතරයි මම කියන්නේ. ඊට එහා මම ඒවාට මුකුත් කියන්න යන්නේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ වැස්සෙන් හගරන්ඔය පාලම කඩායාම නිසා ගම්මු අසීරුතාවයට - ජනාධිපති මාමේ පාලම ඉක්මනින් හදලා දෙන්න
07:28
Video thumbnail
ඇඟට පතට දැනෙන්න කතා කරපු නිසා ඔයාලා ජනාධිපතිවරණය දින්නේ - සජිත් කට උත්තර නැතිවෙන්න කියයි
15:57
Video thumbnail
කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන රනිල්
01:47
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට UNP කෘත්‍යාධිකාරි මණ්ඩලයට එන හැටි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59
Video thumbnail
අපේ ජනාධිපතිතුමාගේ ආර්යාව බිම ඉඳගෙන බණ අහන හැටි
00:40
Video thumbnail
පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස නියෝග
02:26
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මම ආණ්ඩුවට අත දික් කරලා නෑ..ලාල්කාන්ත මොකක්ද සෙල්ලම ?
05:23
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..මොකක්ද මේ මූලාසනයේ ඉදලා කරන වැඩ
02:23