රන්ජන් හිටපු මන්ත්‍රී නිවස යළිත් රන්ජන්ට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස රන්ජන්ට හිමිව තිබූ නිවස ඔහුගේ මන්ත්‍රීධුරය අහිමිවීමෙන් පසුව වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතුව තිබුණි. ඒ අනුව එම නිවස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට හිමිවිය.

එම නිවස ඔහුට හිමිවීමෙන් පසුව නැවතත් රන්ජන් රාමනායක මහතාට ලබාදීමට මනූෂ නානායක්කාර මහතා කටයුතු කළේය.

ඒ අනුව රන්ජන් රාමනායක මහතාගේ සිර දඩුවම අවසන් වී ඔහු නිදහස්ව පැමිණෙන තෙක් මෙන්ම තමන්ට මන්ත්‍රීධුරය තිබෙන තාක් එම නිවස රන්ජන් රාමනායක මහතාට භාවිතයට ගත හැකි බව මනූෂ නානායක්කාර මහතා පැවැසීය.

  1. සමහරවිට රන්ජන් සිරෙන් නිදහස් වෙලා එන කොට ඔය මනුෂට මන්ත්‍රී ආසනය තියෙද කියලා කවුද දන්නෙ? සමනලයන්ට , සමලින්ගිකයන්ට ; හොරුන්ට දෙන් ජනතාව චන්දය නොදෙන්න සිතා ඉවරයි ; ලබන පාර සජෙබෙත් නැහෙ