spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රන්ජන් පැන්ඩෝරා සාක්ෂි, හඬ පට එළියට දාන්න සූදානම් වෙයි..

මෑතක දී හෙළිදරව් කරන ලද පැනඩෝරා පත්‍රිකාවල චෝදනාවලට අදාල සාක්ෂි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සතුව ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරයි.

පැනඩෝරා හෙලිදරවුවලට අදාල චෝදනාවන් හි සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීම අවශ්‍ය තොරතුරු ඇති බවට රාමනායක හිටපු මන්ත්‍රීවරයා ලිපියක් ඉදිරිපත් කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එනිසා රාමනායක හිටපු මන්ත්‍රීවරයා අනිවාර්යෙන්ම සාක්ෂි සඳහා කැඳවන ලෙස ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් හිටපු මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

පැනඩෝරා හෙළිදරව්වට අදාළ සාක්ෂි තමන් සතුව ඇති බවත් ඒ සඳහා වන හඬ පට ද ඇති බවත් රාමනායක හිටපු මන්ත්‍රීවරයා තමන් සමග ප්‍රකාශ කළ බවද වෙදාරච්චි මහතා පැවසීය.

– Mawratanews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
37
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?