spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රන්ජන් නිදහස් කිරීම ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රකාශයක්

බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නියොගයක් ලැබී නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි.

නිදහස් දිනයේ රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙනු ඇතැයි තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (පෙබ. 3) ප්‍රකාශ කළේ ය.

එමෙන් ම, රන්ජන් රාමනායක මහතාගේ නම අද (පෙබ. 4) දිනයේදී නිදහස් කිරීමට නියමිත සිරකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ද විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේ ය.

යම් හෙයකින් ඔහුට නිදහස නොලැබුණහොත් ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක නියැලී නිදහස ලැබෙන තෙක් සටන් කරන බව විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරට ත් පැවසීය.

මේ අතර, 74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති සමාව හිමි වී තිබුණු අතර මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20කට, කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18කට, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17කට, කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13කට ඒ අනුව ජනපති සමාව හිමි විය.

එමෙන් ම, වාරියපොෙළ බන්ධනාගාරයේ සිරකරුවන් 10කට, බෝගම්බර බන්ධනාගාරයේ සහ මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11කට ද අද මෙලෙස ජනපති සමාව හිමි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?