රන්ජන් නිදහස් කිරීම ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රකාශයක්

බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නියොගයක් ලැබී නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි.

නිදහස් දිනයේ රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙනු ඇතැයි තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (පෙබ. 3) ප්‍රකාශ කළේ ය.

එමෙන් ම, රන්ජන් රාමනායක මහතාගේ නම අද (පෙබ. 4) දිනයේදී නිදහස් කිරීමට නියමිත සිරකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ද විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේ ය.

යම් හෙයකින් ඔහුට නිදහස නොලැබුණහොත් ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක නියැලී නිදහස ලැබෙන තෙක් සටන් කරන බව විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරට ත් පැවසීය.

මේ අතර, 74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති සමාව හිමි වී තිබුණු අතර මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20කට, කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18කට, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17කට, කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13කට ඒ අනුව ජනපති සමාව හිමි විය.

එමෙන් ම, වාරියපොෙළ බන්ධනාගාරයේ සිරකරුවන් 10කට, බෝගම්බර බන්ධනාගාරයේ සහ මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11කට ද අද මෙලෙස ජනපති සමාව හිමි විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46