රන්ජන් නිදහස් කිරීමත් සමග සියළු හඬපට ප්‍රසිද්ධ කරන්න කියයි

සිරදඬුවම් විඳිමින් සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නේ නම් ඔහුගේ දුරකථනයේ සඳහන්ව ඇති හඬ පට සියල්ල සමාජගත කළ යුතු යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

රන්ජන් රාමනායක නිදහස් කරන්න කරන්නැයි පසුගිය කාලය පුරාම මතයක් ගොඩ නැගුනේ කිසිවකු සිරගත කරනවාට කැමති නැති නිසා බවත් පැවසූ ඔහු රන්ජන් රාමනායක අධිකරණයට එරෙහිව කළ ප්‍රකාශවල බරපතළකම රටේ ජනතාව දැනගත යුතු බවද පැවසීය.

දැනට සමාජගත කර ඇත්තේ රන්ජන් රාමනායක ඇත්ත කතා කිරීම නිසා සිරගත කිරීම් කර ඇති බව යැයිද හෙතෙම පැවසීය.

එනිසා අදාළ හඬ සමාජ ගත කිරීමෙන් රංජන් රාමනායක පොලිසිය අධිකරණයට කල බලපෑම් මේ මුළු සමාජයටම දැනගත හැකි වනු ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06