රන්ජන් අධිකරණයෙන් ඉල්ලු දේ

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට නියම වී තිබෙන වසර හතරක සිර දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ. 

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායක මහතාට පසුගිය 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියම කෙරුණි.

එම දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලා  ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට අවසර දෙන ලෙස ද රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෙම මෝසම මගින් ඉල්ලා තිබේ.

නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මගින් මෙම මෝසම ඉදිරිපත් කෙරුණු අතර ඒ සමගම දිවුරුම් පෙත්සම් සහ අදාළ ලේඛන ද අධිකරණයට ඉදිරිපත් කරඇති බව අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර රන්ජන් රාමනායක මහතා මේ වනවිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටී. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23