රන්ජන්ට නිවසත් අහිමි වෙයි! බඩුත් ගෙනියන්න කියයි

සිර දඩුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ බඩුබාහිරාදිය මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ලබන සතියේදී ඉවත් කරගැනීමට සිදුවනු ඇතැයි වාර්තා වනවා.

නිවෙසක් සොයාගන්නා තුරු රන්ජන් රාමනායක මහතාගේ බඩුබාහිරාදිය මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ඔහුට කලින් හිමිව තිබූ නිවසේ තබා ගැනීමට අවසර දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගෙන් මෙයට ඉහතදී ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව රත්වත්තේ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග සාකච්ඡා කර ඒ සඳහා මාස තුනක සහන කාලයක් සානුකම්පිත හේතු මත ලබාදී තිබුණා.

නවක මන්ත්‍රීන්ට නිවාස ප්‍රශ්නයක්

එම මාස තුනක සහන කාලය ලබන 20 වෙනිදාට අවසන් වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

මේ කාරණය සම්බන්ධයෙන් කතානායකවරයා සමග ඉදිරි දිනවලදී සාකච්ඡා කර කිසියම් තීරණයක් ගන්නා බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

නවක මන්ත්‍රීවරුන්ට ලබාදීමට නිවාස ප්‍රශ්නයක් පවතින බවද වාර්තා වනවා

  1. පුක්මන්නා නොහොත් බැක් සයිඩ් රන්ජන් සිනමාවෙ කල පුහු චරිත සමාන්ය ජීවිතය සහ නූගත් චන්ද දායකයන් නිසා පාර්ලිමෙන්තුවට පැමින පාර්ලිමෙන්තු ජෝක්ස් සහ ,රනිල් සමග එක්ව නීතිය උසාවිය නඩු කාරයන් සහ කලු කෝට් කාරයන් පවා ඌගෙ අනට බලයට නතු කර සිදු කල අවමානය නිසා දෙන් ගලෙ කක්කා කරපු බළලාට වාගෙ ඉන්න වෙලා ; අස්වාබාවික චරිතයක් වෙන්න ගිහින් අනුන්ගෙ පසු පසට කෙලලා දෙන් තම පසු පස බෙරා ගන්න දුක් වින්දින අවස්තාවක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16