spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රන්ජන්ට නිදහස දෙන්න වැඩ බලන ජනාධිපති රනිල් සූදානමින්

මේ වනවිට රක්ෂිත බන්ධාගාරගතව පසුවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට, ජනාධිපති සමාව ලබාදීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි සකස් කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

හිටපු අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර වැඩබලන ජනාධිපතිවරයා හමුවී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ඉල්ලා ඇති බව සඳහන්.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් එම ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස වැඩබලන ජනාධිපතිවරයා, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට ද උපදෙස් දී ඇතැයි වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
172
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?