spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රන්ජන්ට නිදහස අරන් දෙන්න අධිකරණ ඇමති විජයදාස වැඩ අල්ලයි

රක්ෂිත බන්ධනාගාරගතව පසුවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නිදහස ලබාදීම පිණිස කරුණු සලකා බැලීම සඳහා, අදාල වාර්තාවන් ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට තමන් විසින් උපදෙස් ලබාදුන් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.

මේ අතර රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වුණා.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් එම ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස වැඩබලන ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට ද උපදෙස් දී තිබුණා.

11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
356
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?