රන්ජන්ගේ නාම යෝජනාවට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

ඉදිරි මහ මැතිවරණයට තරග වැදීමට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ.එම්. මහින්ද සේනානායක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයින්, රන්ජන් රාමනායක, ගම්පහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20