අද (08) දිනයේ සිට රථ වාහන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
ඒ, අනුව දිවයින පුරා පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා අද සිට යොදවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙහිදී විවිධ වර්ණ සහිත අමතර විදුලි පහන් සවිකර ධාවන කරන වාහන, වාහනවල ඉදිරිපස, පිටුපස සහ බඳෙහි චිත්‍ර මෝස්තර සහ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශණය කර ඇති වාහන, වාහනවල නීති විරෝධී සවිකිරීම් පිළිබදව ද පරීක්ෂා කිරීමට නියමිතයි.
ඊට අමතරව ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින වාහන ද මෙහිදි පරීක්ෂා කිරීමට නියමිත බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
එමෙන්ම අධික ශබ්ද සහිත සයිලන්සර් සහිත වාහන මෙන්ම ඝෝෂාකාරී නළා සවිකර ඇති වාහන සම්බන්ධයෙන් ද අද දිනයේ සිට නිතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා.














Siyaluma mageen pravahanaya karana drivers lata vishesha puhunuwak diya uthui. Owun vineetha , iwasilimath, neerogi viya uthui. Owunta magee vahana padinna wenama license ekak diya uthi. Minis jeewithawala watinaka danne nethiwa magee wahana padinna denna eka karumayak.
Riyaduru saha kondostharalata aathal dena mageenta hisaradayak vana sound system magee pravaahana busratha valin ivath kala vuthuyi. Sangeethaya avashya nam movun gedara sita sangeethaya esiya yuthuyi mageenta paw nodee. Mudal gevaa busvala yana megeenta balahathkaarayen munge sangeethaya aseemata katayuthu kireema kotharam durata saadhaaranada?
ඝෝෂාකාරි නලා ශබ්ද නම් අනිවාර්යයෙන්ම නැවැත්වයි යුතුයි. මුන් පිස්සු බල්ලෝ වගේ උඩින් යන්න තමයි නලා ගහන්නේ. ඒවා නම් නැති කල යුතුයි. සමාන්‍ය නලාවක් හයිකරගත්තා නම් හරි. ලොකු වාහන හැම එකකම තියෙන්නේ ලොකු ශබ්දයක් තියෙන නලා. සයිලන්සර් වල ශබ්දයත් කන් වලට දරා ගන්න හරිම අමාරුයි.
කොහොම කොහොම හරි ඒ නීතිත් අහිංසක මිනිස්සුන්ට දඩ ගහලා රජයට ගන්න ගෙනාපු නීති මිසක් මිනිස්සුන්ට ලැබෙන සහනයක් නම් නෑ මගෙ මතේ.
මොකද ඕව නවත්තන්න කලින් ඒ සවිකරල තියන ආම්පන්න ගෙන්වන එක නවත්වන්න ඕනේ.
ඒ වගේම ඒ ආම්පන්න අලවි කරලා දරුවන් නඩත්තු කරන පවුල් වලට මොකද වෙන්නෙ කියල බලන්න ඕනෙ.
මහජනයාට හානි කරන දේවල් වලට තදින් නීතිය ක්‍රියාත්මක කරාට කමන්නෑ
මාත් ඒකට එකගයි.
හැබැයි ලස්සන සුපෝබොගි කිරීම සදහා මිනිස්සු වියදම් කරපු සල්ලී වලට කවුද වග කියන්නේ.
ඒවත් මහජින මුදල්තමයී.
ඒ අව බාවිතයට කාටද නඩු දාන්නෙ.
අනික චාරිකා බස් මොඩිපයි නැත්තම් අලංකාර කිරීම සදහා පසූගිය කාලේ
රජය විසින් නැවත වාහන පොත් ලියාපදිංච් කරලා බස් හිමියන්ගෙ බදු අය කර ගත්තා එතකොට ඒවට මොකද කරන්නෙ.
එහෙනම් ඒවත් අයින් කරන්න ඕනෙ
ඒතකොට ඒවට ගියපු මුදල් කව්ද දෙන්නෙ.
ඒව ලියාපදිංච් කරල තියෙන්නෙ කියල අත හැරියොත් ඒක අසාදාරන නැද්ද.
ඔය කියන විදියට ඒවගෙන් ඔය කියන අනතුරු වෙන් නැද්ද…??????