spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රථ වාහන අංක තහඩු මෙරට නිෂ්පාදනයට සැරසෙයි

රථ වාහන අංක තහඩු මෙරට ප්‍රථම වරට නිෂ්පාදනය කිරීම සඳහා කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්තශාලාව තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

විදේශ විනිමය මෙරටට ඉතිරි කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් උපදෙස් අනූව මෙම තීරණය ගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.

ප්‍රථම වරට රථ වාහන අංක තහඩු දේශීයව නිෂ්පාදනය කිරීම සහ එතුළින් වාර්ෂිකව විදේශ රටවලට ඇදී යන අතිවිශාල මුදල් ප්‍රමාණය ඉතිරි කරගැනීමද මෙහි තවත් අරමුණක්.

දැනට දේශීය පෞද්ගලික සමාගමක් හරහා ක්‍රියාත්මක වන වාහන අංක තහඩු කොටස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව 2024 වසරේ සිට අවසන් වීමට නියමිත අතර එතැන් සිට රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව විසින් මෙම වාහන අංක තහඩු කොටස් දේශීයව නිෂ්පාදනය කිරීමටයි නියමිතව ඇත්තේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත හා සංඛ්‍යා ලේඛනවලට අනුව, වසරකට වාහන ලක්ෂ 05 ක් පමණ මෙරට ලියාපදිංචි කරන අතඑ අවම වශයෙන් වසරකට වාහන අංක තහඩු ලක්ෂ 10 ක පමණ ඇනවුමක් විදෙස් රටවලට ලබාදෙනවා.

මේ අනුව විදේශයන්ට ඇදීය වසරකට රුපියල් මිලියන 600 ක පමණ මුදලක් මෙරට තුල ඉතිරි වන බවයි රජය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?