spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රතු මුහුදේ ආරක්ෂකයෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයෙකුගේ දේහය ගුවනින් කටුනායකට (ඡායාරූප)

රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු ආරක්ෂක නිලධාරීවරයෙකු සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකුගේ මළසිරුරක් ඊයේ (26) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ බව ගුවන්තොටුපොළ අප වාර්තාකරු පවසනවා.

ඕමානය සහ ඊජිප්තුව අතර මුහුදු ප්‍රදේශයේ ගමන් ගන්නා නෞකාවන් වෙත ආරක්ෂාව සැපයීම සඳහා ශ්‍රී ලංකාවේ රක්නා ලංකා ආයතනය වෙනුවෙන් සේවය කිරීම සදහා මෙම පුද්ගලයා පිටත්ව ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

මෙලෙස ලංකාවට ඒවා ඇත්තේ පී.ජී.පුෂ්පකුමාර නැමැති පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු පියෙකුගේ මළ සිරුරක්.

මොහු මුහුදු ආරක්ෂක සේවය සඳහා යෝග්‍යතාව පරීක්ෂා කෙරෙන පරීක්ෂණයකට සහභාගී වීමෙන් අනතුරුව, දහවල් ආහාරය ගෙන නිදා සිටියදී , මෙම මරණය සිදුව ඇති බවයි අනවරණය වී ඇත්තේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කර, නීත්‍යානුකූලව ඉන් ඉවත් වීමෙන් පසුව මෙම පුද්ගලයා රක්නා ලංකා ආයතනය වෙත එක් වී මේ වනවිට වසර හතර හමාරක සේවා කාලයක් ද සපුරා තිබූ අයෙක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා ඉකුත් 10 වන දින මිය ගොස් තිබූ අතර, මොහුගේ මළසිරුර දින 15 ක පමණ කාලයක් ඕමාන වරායේ රඳවා තබා ගෙන තිබූ බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඉන්පසුව ඊයේ (26) දින සවස 04.20 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. – 654 දරන ගුවන් යානයෙන් මෙම මළසිරුර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණා.

මළසිරුර භාර ගැනීමට පැමිණි ඥාතීන් පිරිස මෙම මරණය සැක සහිත බව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා මළසිරුර මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
0
+1
4
+1
11
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?