රතු මුහුදේ ආරක්ෂකයෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයෙකුගේ දේහය ගුවනින් කටුනායකට (ඡායාරූප)

රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු ආරක්ෂක නිලධාරීවරයෙකු සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකුගේ මළසිරුරක් ඊයේ (26) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ බව ගුවන්තොටුපොළ අප වාර්තාකරු පවසනවා.

ඕමානය සහ ඊජිප්තුව අතර මුහුදු ප්‍රදේශයේ ගමන් ගන්නා නෞකාවන් වෙත ආරක්ෂාව සැපයීම සඳහා ශ්‍රී ලංකාවේ රක්නා ලංකා ආයතනය වෙනුවෙන් සේවය කිරීම සදහා මෙම පුද්ගලයා පිටත්ව ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

මෙලෙස ලංකාවට ඒවා ඇත්තේ පී.ජී.පුෂ්පකුමාර නැමැති පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු පියෙකුගේ මළ සිරුරක්.

මොහු මුහුදු ආරක්ෂක සේවය සඳහා යෝග්‍යතාව පරීක්ෂා කෙරෙන පරීක්ෂණයකට සහභාගී වීමෙන් අනතුරුව, දහවල් ආහාරය ගෙන නිදා සිටියදී , මෙම මරණය සිදුව ඇති බවයි අනවරණය වී ඇත්තේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කර, නීත්‍යානුකූලව ඉන් ඉවත් වීමෙන් පසුව මෙම පුද්ගලයා රක්නා ලංකා ආයතනය වෙත එක් වී මේ වනවිට වසර හතර හමාරක සේවා කාලයක් ද සපුරා තිබූ අයෙක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා ඉකුත් 10 වන දින මිය ගොස් තිබූ අතර, මොහුගේ මළසිරුර දින 15 ක පමණ කාලයක් ඕමාන වරායේ රඳවා තබා ගෙන තිබූ බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඉන්පසුව ඊයේ (26) දින සවස 04.20 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. – 654 දරන ගුවන් යානයෙන් මෙම මළසිරුර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණා.

මළසිරුර භාර ගැනීමට පැමිණි ඥාතීන් පිරිස මෙම මරණය සැක සහිත බව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා මළසිරුර මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16