රත්‍රං කිලෝ 09ක් සමඟ ගුවන්තොටුපොළ සේවකයෙක් රේගු දැලේ

නීති විරෝධීව මෙරටට ගෙන ඒමට තැත් කළ රත්‍රං කිලෝග්‍රෑම් 09ක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී මෙම රත්‍රං තොගය අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ සඳහන් කළේ.

මෙම රත්‍රං තොගය කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතර රැගෙන ඒමට කටයුතු කළ ගුවන්තොටුපොළ සේවකයෙක් ද රේගු නිලධාරීන් විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.