රත්මලාන, කඳවල පාර ප්‍රදේශයේ අද (01) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.













