spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රත්මලානේ ගණිකා නිවාසයක් වලටයි – සැකකාරියන් 06 දෙනෙකු අත්අඩංගුවට

රත්මලාන ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පත්වාගෙන ගිය සැකකාරියන් හයදෙනෙකු ඊයේ (01) සවස ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම වැටලීමේදී එහි කළමණාකාරවරියක් සහ කළමණාකරනයට සහාය වීම සම්බන්ධයෙන් සැකකාරියන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 21,25,26,30,33, හා 51 වයස්වල පසුවන කොළඹ 14, පදවිය, කහවත්ත, වනාතවිල්ලුව, කටබුලාව හා වංචාවල ප්‍රදේශවල පදිංචිකාරියන්.

මේ පිළිබඳව ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
6
+1
1
+1
2
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?