රත්නපුර සීවලී විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේදී

අනාගතය උදෙසාවූ සාධනීය අදහස් හා යෝජනා කෙටුම්පත් ලෙස ශිෂ්‍ය පාර්ලිමේන්තු ඔස්සේ ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කිරීමට සිසු දරුවන්ට අවස්ථාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මෙරට සියලු ශිෂ්‍ය පාර්ලිමේන්තු, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා සම්බන්ධ කරමින් කටයුතු කිරීම වැදගත් බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී, කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවති රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

රත්නපුර දිස්ත්‍රික්කයේ සීවලී මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයී ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අරඹමින් කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය තෝරාපත්කර ගැනීම සිදු කෙරුණා. අනතුරුවයි අග්‍රාමත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දෙනු ලැබුවේ.

මෙහිදී සභාව අමතමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ මෙරට ජීවනාලිය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බවයි. පාර්ලිමේන්තුව නොමැති රටක සියලු කටයුතු සම්පුර්ණයෙන් අක්‍රීය වන බව ප්‍රකාශ කළ කථානායකවරයා ශිෂ්‍ය පාර්ලිමේන්තු මගින් පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා එහි පවතින වටිනාකම් ගැන මනා වැටහීමක් ලබාගත හැකි බව පෙන්වා දෙනු ලැබුවා.

එමෙන්ම ශිෂ්‍ය අවධියේ සිට පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව දැනුවත්වීමේ වැදගත්කම පැහැදිලි කරමින් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පුර්ණ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකයේ උපත සිදුවූ ස්ථානයේ සිට (වර්තමාන ජනාධිපති ලේකම් කාර්යාලය) මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිහිටුවීමට ලැබීම ඓතිහාසික අවස්ථාවක් බවයි. එමෙන්ම සභාව ආමන්ත්‍රණය කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතා, රටක පාලනය ස්ථාවර වීමට ජාතික ප්‍රතිපත්ති පැවතීමේ වැදගත්කම පෙන්වා දෙමින් පාසල් තුළද, තම පාසලේ සංවර්ධනය උදෙසා ස්ථිර ප්‍රතිපත්ති සකස්කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළා.

මෙහිදී සාර්ථක අයුරින් රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයී ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිහිටුවීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් එම විද්‍යාලය මගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන, ශ්‍රී පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණධීර, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ නදීක දංගොල්ල යන මහත්ම මහත්මින් වෙනුවෙන් සමරු සිහිවටන පිළිගැන්වීමද සිදු කර තිබෙනවා. තවද ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන විද්‍යාලයීය සිසු දරුවන් වෙත සහතිකපත්‍ර ලබාදීමද සිදු කෙරුණා. එමෙන්ම මෙහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මගින් රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයී ශිෂ්‍ය පාර්ලිමේන්තුව වෙත තිළිණ ප්‍රදානයක්ද සිදු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38