රත්නපුර, කොටකෙතන මවක සහ දියණිය මරා දැමූ ඝාතකයාට මරණ දඬුවම

රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ සිදු වු කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණියක දුෂණය කර මරා දැමීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දාම ඝාතකයාට’ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මරණ දඬුවම අද(19)දින නියම කළා.

අධිකරණයේ දැල්වෙමින් තිබූ විදුලි බුබුළු නිවා දමා ක්‍රියාත්මක වෙමින් තිබු විදුලි පංකා අක්‍රිය කර විත්තිකරුට මරණීය දඬුවම පැන වූ විනිසුරුවරිය ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවක දී වැලිකඩ බන්ධනාගාරය තුළ දී විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ද වනතුරු ඔහු බෙල්ලෙන් එල්ලා තැබීමටයි නියම කෙරුනේ.

දාම ඝාතක අපරදකරු මෙම විත්තිකරුව බව ඩී.එන්.ඒ තාක්ෂණය යොදා ගනිමින් නීතීපතරයා නියේජනය කරමින් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කරමින් ඔහුට මරණ නියම කළා.

රත්නපුර, කොටකෙතන ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් කාන්තා ද්විත්ව ඝාතන රැල්ලක් වශයෙන් ක්‍රියාත්මක වු අතර කාන්තා ද්විත්ව ඝාතනයක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මරණ දඬුවම නියම වුයේ රත්නපුර, කොටකෙතන ප්‍රදේශයේ පදිංචි මරණකාරියන්ගේ අසල්වැසියකු වු අකුරුගොඩ ජයලත්ගේ 42 හැවරිදි අයෙකුටය.

2019 ජුලි මස 19 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ දී ලියනාරච්චිගේ ප්‍රේමවතී නම් 63 හැවිරිදි අය සහ හේවාගේ පුෂ්පාකුමාරී නම් 32 හැවිරිදි මව සහ දියණිය ඝාතනය කිරීම, හේවාගේ පුෂ්පාකුමාරී නමැත්තිය දුෂණය කිරීම යන චෝදනා විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14