spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රත්නපුර, කොටකෙතන මවක සහ දියණිය මරා දැමූ ඝාතකයාට මරණ දඬුවම

රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ සිදු වු කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණියක දුෂණය කර මරා දැමීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දාම ඝාතකයාට’ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මරණ දඬුවම අද(19)දින නියම කළා.

අධිකරණයේ දැල්වෙමින් තිබූ විදුලි බුබුළු නිවා දමා ක්‍රියාත්මක වෙමින් තිබු විදුලි පංකා අක්‍රිය කර විත්තිකරුට මරණීය දඬුවම පැන වූ විනිසුරුවරිය ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවක දී වැලිකඩ බන්ධනාගාරය තුළ දී විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ද වනතුරු ඔහු බෙල්ලෙන් එල්ලා තැබීමටයි නියම කෙරුනේ.

දාම ඝාතක අපරදකරු මෙම විත්තිකරුව බව ඩී.එන්.ඒ තාක්ෂණය යොදා ගනිමින් නීතීපතරයා නියේජනය කරමින් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කරමින් ඔහුට මරණ නියම කළා.

රත්නපුර, කොටකෙතන ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් කාන්තා ද්විත්ව ඝාතන රැල්ලක් වශයෙන් ක්‍රියාත්මක වු අතර කාන්තා ද්විත්ව ඝාතනයක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මරණ දඬුවම නියම වුයේ රත්නපුර, කොටකෙතන ප්‍රදේශයේ පදිංචි මරණකාරියන්ගේ අසල්වැසියකු වු අකුරුගොඩ ජයලත්ගේ 42 හැවරිදි අයෙකුටය.

2019 ජුලි මස 19 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ දී ලියනාරච්චිගේ ප්‍රේමවතී නම් 63 හැවිරිදි අය සහ හේවාගේ පුෂ්පාකුමාරී නම් 32 හැවිරිදි මව සහ දියණිය ඝාතනය කිරීම, හේවාගේ පුෂ්පාකුමාරී නමැත්තිය දුෂණය කිරීම යන චෝදනා විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?