රත්නපුරේ මැණික් පොකුරට මොකද වුණේ? මැණික් කෑලි අතින් අතට ගියාද? අධිකාරිය සද්ද නෑ..

රත්නපුරෙන් සොයාගත් රුපියල් කෝටි 2000 කට අධික වටිනාකමින් යුත් කොරන්ඩම් මැණික් පොකුර සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව එම අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.

කිලෝ 530 ක් බර මෙම කොරන්ඩම් මැණික් පොකුර සොයා ගැනීමත් සමග ලෝක ප‍්‍රසිද්ධියක් ලබාදී චීනයේ ප‍්‍රදර්ශනයකදී අලෙවි කිරීමට කටයුතු කරන බව බලධාරීහු ප‍්‍රකාශ කළහ. නමුත් මේ වනතෙක් එය වචනවලට පමණක් සීමාවී ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි. මෙම මැණික් පොකුර සඳහා සහතිකය 2020 ජුනි 12 දින අධිකාරිය විසින් නිකුත් කර තිබේ.

මෙම මැණික් පොකුර ප‍්‍රදර්ශනයකට වෙනත් රටකට රැගෙන යනවා නම් එය රක්‍ෂණය කළ යුතු අතර කෝටි 2000 ක් වටිනා බව කියන මෙම මැණික් පොකුර රක්‍ෂණය කළ හැකි ආයතනයක් මෙරට නොමැති නිසා විදෙස් ආයතනයකින් එම රක්‍ෂණය ගත යුතු බවද එම ආරංචි මාර්ග කියයි. එහෙත් මෙම මැණික් පොකුර මූල්‍යමය වටිනාකමකට වඩා කෞතුකමය වටිනා කමක් තිබෙන බවට මැණික් සම්බන්ධ විද්වතුන් ප‍්‍රකාශ කිරීම නිසා එය රක්‍ෂණය කිරීමද ගැටලූවක් වී ඇත.

මෙම මැණික් පොකුර විදේශයකට යෑමට පෙර තක්සේරු වාර්තාවක් ලබා ගැනීමට ස්විස්ටර්ලන්තයට රැගෙන යා යුතු බවත් ඒ සඳහා රුපියල් ලක්‍ෂ 60 ක් පමණද එම ස්විට්සර්ලන්ත ආයතනයේ නිලධාරීන් මෙරටට පැමිණ තක්සේරු කළහොත් රු. ලක්‍ෂ 100 ක් පමණද වැයවනු ඇතැයිද ආරංචි මාර්ග පවසයි.

මෙම මැණික් පොකුර වටිනාකමක් නැතැයි කියා වාර්තා වුවහොත් වාර්තාව සඳහා මුදලද අපතේ යෑමක් විය හැකි බවත් මැණික් පොකුර ඇත්තටම වටිනවා නම් එය අලෙවි කර රජයට ඩොලර් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් පැවසේ.

මෙවැනි මැණික් පොකුරක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍වරයෙකු වන අර්ල් ගුණසේකර මහතා සතුව පවතින බවද එය අලෙවි කිරීමට සූදානම් බව ඔහු ප‍්‍රකාශ කර ඇතැයිද ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

චමින්ද සිල්වා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36