රත්නපුර රක්වාන ප්‍රදේශයෙන් කිලෝ 80ක නිල් මැණික් පොකුරක් හමුවී තිබෙන බව වාර්තා වේ.
කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතුව මේ වන විට මෙම මැණික තිබෙන අතර එය අද(30) ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරී පැමිණ පරීක්ෂා කර තිබේ.
මෙම නිල් මැණික එම අවස්ථාවේදී අදාළ නිලධාරීන්ට බාර දී ඇති අතර බලධාරීන් ඔහුට පොරොන්දු වී ඇත්තේ එම මැණික් පොකුරේ වටිනාකම ඇස්තමේන්තු කර එළඹෙන නොවැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මැණික් වෙන්දේසියක් සඳහා එය ඉදිරිපත් කරන බවයි.














මෙිව විකුනල පුලුවන් නෙ ඉතින් රට දැන් වැටිල තියන ආර්ථික අපහසුතාවයෙන් ගොඩ එන්න
ඇත්තටම මට එහෙම මේ තරමි වටිනා මැණික් හමිබ උනා නම් රට වැටිලා තියන අස්ථාරයෙන් බේරගන්න උදව් කරනවා