රත්ගම රත්කළ සිද්ධියේ දෙදෙනෙකු කොටු! වෙඩි තැබූ හේතුවත් එළියට

රත්ගම දේවපතිරාජ පාසල අසලදි පුද්ගලයකුට වෙඩි තබා තුවාල කිරිමේ සිද්ධියට සම්බන්දයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව රත්ගම පොලීසිය පවසනවා.

තුවාල ලැබු පුද්ගලයා ‘කුපියා’ නැමති අනවර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයකු බවයි පොලිසිය කියා සිටියේ.

මොහු යතුරු පැදියක පිටුපස වාඩි වි පැමිණ ඇති අතර වෙනත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මොහුට වෙඩි තබා ඇති බවයි විමර්ශනවලදි අනාවරණය වි ඇත්තේ. වෙඩි වැදීමෙන් මොහුගේ වම් බාහුවට තුවාල වි ඇතැයි වාර්තා වනවා.

මෙම සිද්ධිය සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බුස්ස, පිටිවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුයි. ඔවුන් 55 හා 25 හැවිරිදිවියේ පසුවන අය වෙන අතර මෙම දෙපිරිස කාලයක සිට පවතින පරණ කොන්තරයක් හේතුවෙන් මෙම වෙඩි තැබිම සිදුකොට ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගාල්ල ප්‍රධාන මහහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට පැය 48ක රැදවුම් නියෝගයක් ලබාගෙන මොවුන් දෙදෙනාගෙන් තව දුරටත් ප්‍රශ්න කරගෙන යන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසූවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
බේරුවල උණුසුම් තත්ත්වයක් - වෙළඳුන් පාරට බහී
04:54
Video thumbnail
රණවිරු සැමරුමට සියල්ල සූදානම් - හතරවටේටම දැඩි ආරක්ෂාවක්
01:22
Video thumbnail
හිරුණිකා ආශුගෙන් සමාව ගනී - ඒ බලු වීඩියෝව ව්‍යාජ එකක්
07:43
Video thumbnail
අපි යුද්ධ කළේ ජනවර්ගයකට එරෙහිව නෙමෙයි - මේ රජය පොට වරද්දගත්තා
03:42