spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රත්ගම රත්කළ සිද්ධියේ දෙදෙනෙකු කොටු! වෙඩි තැබූ හේතුවත් එළියට

රත්ගම දේවපතිරාජ පාසල අසලදි පුද්ගලයකුට වෙඩි තබා තුවාල කිරිමේ සිද්ධියට සම්බන්දයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව රත්ගම පොලීසිය පවසනවා.

තුවාල ලැබු පුද්ගලයා ‘කුපියා’ නැමති අනවර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයකු බවයි පොලිසිය කියා සිටියේ.

මොහු යතුරු පැදියක පිටුපස වාඩි වි පැමිණ ඇති අතර වෙනත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මොහුට වෙඩි තබා ඇති බවයි විමර්ශනවලදි අනාවරණය වි ඇත්තේ. වෙඩි වැදීමෙන් මොහුගේ වම් බාහුවට තුවාල වි ඇතැයි වාර්තා වනවා.

මෙම සිද්ධිය සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බුස්ස, පිටිවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුයි. ඔවුන් 55 හා 25 හැවිරිදිවියේ පසුවන අය වෙන අතර මෙම දෙපිරිස කාලයක සිට පවතින පරණ කොන්තරයක් හේතුවෙන් මෙම වෙඩි තැබිම සිදුකොට ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගාල්ල ප්‍රධාන මහහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට පැය 48ක රැදවුම් නියෝගයක් ලබාගෙන මොවුන් දෙදෙනාගෙන් තව දුරටත් ප්‍රශ්න කරගෙන යන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසූවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?