රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළ විමල්ට එරෙහිව නඩු පවරන්න පොලිසිය සැරසෙයි (වීඩියෝ)

රණවිරු විරු සැමරුම් පෙරහුරු උත්සවයට බාධා කිරීම සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය මේ බව සඳහන් කළා.

හෙට (19) දිනට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එම උත්සවයට අදාළ පෙරහුරුව අද (18) දින පවත්වනු ලැබුවා.

මෙම පෙරහුරුව සහ හෙට දින පැවැත්වෙන ප්‍රධාන උත්සවයේ අනෙකුත් සංවිධාන කටයුතු පැවැත්වෙමින් තිබෙන විටදී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 35 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පෙරහුරු කටයුතු වලට හා නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් අනවසරයෙන් රණවිරු ස්මාරක භූමිය වෙත ඇතුළුවීමට උත්සාහ දරා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරින් විසින් එම උත්සාහය ව්‍යථ කරන ලද අතර, රැඳී සිටි පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් පොලිසිය වැඩිදුරටත් පවසනවා.

මෙම පුවත හා සම්බන්ධ සබැඳි පුවත් මෙතැනින්..

  1. අපේ කොල්ලන්ට හා සිංහල ජනතාවට “රණවිරු ” දමිල කොල්ලන්ට හා ජනතාවට ” මහවිරු ” සීන් පෙන්වා සිංහල හා දමිල ජනතාව සංහාරය කල ශ්‍රී ලංකා යුද හමුදාවට, බුද්ධි අංශ වලට දේශපාලනයට, රාජ්‍ය යාන්ත්‍රණය ට හා අනෙකුත් අංශ වලට රිංගු ඉරාන පලස්තීන පිටුබලය ලබන isis මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදීන් සොයා විමර්ශන ඊශ්‍රායලය ඇමරිකාව සහ ඉන්දීය සහාය සහිතව ලබාගෙන මුස්ලිම් ත්‍රස්තවාදය ලංකාවෙන් අතුගා දමමු.

  2. සැරසි සැරසි ඉන්න ඕනෙ නෑනෙ. ඊයෙ අතටම අහුවුණු එකාව බේරලා ඇරියනේ. මාංචු දාපු එකාවත් නිදහස් කරා. පොලිස් නිලධාරීන්ට පහර දීල ප්‍රසිද්දියේ බැනල අවමන් කරපු පනික්කියාටත් ඔහෙ යන්න දුන්නා. ඇයි එහෙම කලේ.? අර බූරුවගේ ස්වාමියාගෙන් call එකක් ආවද සට්ටම්බියාවයි මාන්චු දාපු එකාවයි නිදහස් කරන්න කියල. ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03