රට හෙල්ලෙන වංචාවක් හෙළි කළ හිටපු සහකාර විගණකාධිපති ලලිත් අඹන්වල අභාවප්‍රාප්ත වෙයි

මහනුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිගණක යන්ත්‍ර මිලදී ගැනීමේ සිද්ධියකදී රුපියල් කෝටි දොළහක පමණ මූල්‍ය වංචාවක් හෙළිදරව් කිරීමේ සිද්ධියෙන් පසුව ඇසිඞ් ප්‍රහාරයකට ලක්වීමෙන් මහත් ආන්දෝලනයකට කේන්ද්‍ර වූ හිටපු සහකාර විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මහනුවර මධ්‍යම පළාත් විගණන අධිකාරි ලෙස කටයුතු කරමින් සිටියදී මීට දස වසරකට පමණ පෙර මෙම මූල්‍ය වංචාව අනාවරණය කිරීමෙන් පසුව මහනුවර අස්ගිරිය ප්‍රදේශයේදී ලලිත් අඹන්වල මහතා ඇසිඞ් ප්‍රහාරයකට ලක්වූ බව වාර්තා වුවා.

අවංක කෘතහස්ථ සහකාර විගණන අධිකාරිවරයකු වූ ලලිත් අඹන්වල මහතා වලල මධ්‍ය මහා විද්‍යාලයේ සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ වේදී විශේෂ උපාධිධාරියෙක් වසර 34 ක් පමණ කාලයක් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති ඒ මහතා දෙදරු පියෙක්ද වනවා . ඔහුගේ බිරිඳ රාජ්‍ය සේවිකාවක්.

ලලිත් අඹන්වල මහතාගේ දේහය ගුන්නෑපාන, නාපාන, බෝගස්කුඹුර නිවසේ තැන්පත් කර තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51