රට විවෘත කිරීම ගැන යුද හමුදාපතිගේ විශේෂ ප්‍රකාශය

ඔක්තොම්බර් පළමුවැනිදා රට විවෘත කළ පසු රාජ්‍ය ආයතන සහ ප්‍රවාහන සේවා පවත්වාගෙන යනු ලබන ක්‍රමවේද සකස් කිරීම සඳහා කොවිඩ් කාර්ය සාධක බළකාය විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ, රට විවෘත කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් ඉදිරි දින දෙක තුළ අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවය.

ශ්‍රි ලංකා යුද හමුදාවේ 72වන සැමරුම වෙනුවෙන් මහනුවර ශ්‍රි දළදා මාළිඟයේ පැවැති ධජ පුජා වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා,

“ඔක්තෝබර් 1 වන දා පසුව රට විවෘත කළ යුතු ද? නැතිනම් තවදුරටත් පවත්වාගෙන යන්නේ ද තීරණය ඊළඟ දින දෙක තුනේ දී අනිවාර්යෙන් ම දැනුම්දීමට කටයුතු කරනු ලබනවා. කෙසේවෙතත් ජනාධිපතිතුමා දින දෙකකට ප්‍රථමව ලබාදුන් උපදෙස් මත උපදෙස් ලබාදීලා තියෙන්නේ රට විවෘත කරන අවස්ථාවක දී අපි මොන ආකාරයෙන් ද රට විවෘත කරලා රට පවත්වාගෙන යා යුත්තේ කියලා. ප්‍රවාහන කේෂ්ත්‍රය හා අනෙකුත් ආයතන පවත්වාගෙන යන ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා කරලා ඒ පිළිබඳව මේ වන විටත් විශේෂයෙන් ම අමාත්‍යාංශවලට දැනුම්දීලා තියෙනවා ඒ සම්බන්ධයෙන් පිළිපැදිය යුතු උපදෙස් මාලාව සකස් කර ගැනීමට.”

මෙරට ජනගහනයෙන් සියයට  52.3කට වැඩි ප්‍රමාණයක් මේ වන විට කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පුර්ණ කර ඇති බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී පැවසීය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13