රට විවෘත කිරීමේ සූදානම ගැන යුද හමුදාපති කියයි

ඔක්තෝම්බර් පළමු වනදා රට විවෘත කිරීමට අදාළ සැලසුම් මේ වනවිට සකස් කරමින් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ජනාධිපතිවරයා ඉකුත්දා කළ ඉල්ලීමට අනුව එක් එක් ක්‍ෂේත්‍රයට අදාළ සැලසුම් අදාළ ආයතන විසින් මේ වනවිට සකස් කරමින් ඇති බවයි.

ඒ අනුව ලබන ඔක්තෝබර් 01 වන දා රට විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වන විට සියලුම සෞඛ්‍ය අංශ ඇතුළු අනෙකුත් අදාල ආයතන සමග සාකච්ඡා කර ඇති බවත් ඒ අනුව එලෙස සාකච්ඡා කළ පරිදි විවිධ කොන්දේසි වලට යටත්ව දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව රට විවෘත කරන බව ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය සේවකයන් සේවයට කැදවිය යුතු ආකාරය පිළිබද තීරණය කෙරෙන සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වෙනවා.අද පැවැත්වෙන එම සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළඹෙන බවයි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09