රට විවෘත කරන දිනය ගැන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියයි

මාස තුනකට පමණ පසු මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළගොස් තිබෙනවා.

ඒ අනුව අදියර කිහිපයක් යටතේ ලබන සිකුරාදා සිට සීමා සහිතව රට යළි විවෘත කෙරෙන බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ.

මේ අතර කොවිඩ් ආසාදනය වූ දරුවන් අතර පැතිර යන ශාරීරික අවයවවලට බලපෑම් ඇතිකරන මාරාන්තික MISC රෝගී තත්ත්වය පිළිබඳවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

මේ අතර ඊයේ සිදුවූ කොවිඩ් මරණ 51ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කරනු ලැබුවා.

මේ අතර අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 983ක් වාර්තා වුණා.

මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1500ට වඩා අඩුවෙන් අඛණ්ඩව වාර්තා වූ 7 වන දිනය මෙයයි.

4000 සීමාවද ඉක්මවා ගිය මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව දින 82කට පසුවයි 983ක් දක්වා අඩුවී තිබෙන්නේ.

මෙම අගය පසුගිය ජූලි 6 වැනිදායින් පසු මෙරටින් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ අඩුම අගයයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වුණේ 12,680ක් ලෙසයි.

පවතින තත්ත්වය හමුවේ ලබන පළමුවැනිදා සිට රට යළි විවෘත කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36