රට විවෘත කරන තීන්දුවට පැය කිහිපයකට පෙර විශේෂඥයන්ගෙන් හදිසි ඉල්ලීමක්

දැනට පනවා ඇති සංචරණ සීමාවන් ඔක්තොම්බර් මාසයේ මුල දක්වා දීර්ඝ කරන ලෙසට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ ඉල්ලීම කර තිබෙන්නේ අද (17) දිනයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස්වීමට පැය කිහිපයකට පෙරයි.

එම සංගමය පෙන්වා දෙන්නේ සංචරණ සීමා එක්වරම ලිහිල් කළහොත් රටපුරා ව්‍යාප්ත වී පවතින ඩෙල්ටා ප්‍රභේදයෙන් නැවතත් රෝගීන් වැඩි වී මරණ සංඛ්‍යාව ඉහළ යාම වැඩිවිය හැකි බවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ දැඩි අවදානම් තත්ත්වයෙන් මිදී අඩු අවදානම් තත්ත්වයක් කරා රට රැගෙන යාමට කටයුතු කළ යුතු බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය යටතේ රටේ විශේෂඥයන් මීට කළකට පෙර ලබාදුන් උපදෙස් හා නිර්දේශ පිළිගෙන තවත් සතියක් රට වසා තැබීමට කටයුතු කරන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46