රට විවෘත කරන කාලය ගැන ජනපතිගෙන් දැනුම් දීමක්

සැප්තැම්බර් මාසයෙන් පසු රට වසා දැමීමට කටයුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට ඊයේ (26 වැනිදා) දැනුම් දී ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී ඔහු කියා සිටියේ ජූලි සහ අගෝස්තු මාස අවසන් වන විට තවත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 10.5ක් මෙරටට ලැබීමට නියමිත බවයි. එම එන්නත් ලබාදීමෙන් එන්නත්කරණයද 80%කින් පමණ අවසන් වන බව ද ජනාධිපතිවරයා කියා සිටී.

මෙරට ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් නිසා රට වසා දැමීම බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

උදයජීව ඒකනායක

  1. ඔය පන්පොරි කතාව කිව්ව ගමන් රටට කෙලවෙනව අප්ප, මහ පුදුම මූසල කමක් තියෙන්නෙ ඊයෙ කොරෝනා ආසාදිතයින් 2300කටත් වැඩියි ඔන්න