රට විවෘත කරන්න ජනපති වාර්තාවක් ඉල්ලයි

13 වැනි සඳුදා දින අලුයම 4.00ට අවසන් වීමට තිබූ නිරෝධායන ඇඳිරි නීතිය මෙම මස 21 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව අද (10) දිනයේ පැවැති විශේෂ කොරෝනා මර්දන කමිටු රැස්වීමේදී තීරණය කළා.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ එළැඹෙන 21 වැනිදා රට නැවත විවෘත කිරීමට නම් ඒ සඳහා පැනවිය යුතු සීමාවන් සහ අනෙකුත් කරුණු සහිත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් හමුදාපතිවරයා පවසා සිටියේ “සැප්තැම්බර් 21 වන දිනෙන් පසු ඉදිරි දිනවලදී රට විවෘත කරනවා නම් ඒ සඳහා පැනවිය යුතු සීමාවන් සහ අනෙකුත් කරුණු පිළිබඳව විස්තර වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබාදෙන ලෙස උපදෙස් දුන්නා. මෙම නිරෝධායන ඇඳිරිනීතිය පවත්වාගෙන යන කාලසීමාව තුළදී රටේ පවතින ආර්ථික මධ්‍යස්ථාන සියල්ලක්ම පෝය දිනය හැර අනෙකුත් දිනවල විවෘතව තබන ලෙසටත් උපදෙස් දුන්නා.” ලෙසිනි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ද පවසා සිටියේ නිරෝධායන ඇඳිරි නීතිය පැවතිය ද හෙට දිනයේ සිට සියලුම ආර්ථිකම මධ්‍යස්ථාන විවෘතව තැබීමට කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45