රට ලොක්ඩවුන් කරනවාද නැද්ද? තීන්දුව අද

පවතින තත්ත්වය හමුවේ රට වසා දැමීමක් සිදුකරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීන්දු කිරීමට නියමිතව ඇත.

ආණ්ඩුවේ බලධාරීන් සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර මෙම සාකච්ජාව අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

මේ වනවිට සෞඛ්‍ය අංශ අවධාරණය කොට ඇත්තේ අවම වශයෙන් සති 2කට හෝ රට වසා දැමිය යුතු බවකි.

නමුත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් මෙතෙත් යහපත් ප්‍රතිචාරයක් දක්වා ‌නොමැත.

  1. ලන්කාවෙ පාලකයින්ට මිනිස්සුන්ගෙ ජීවිත එච්චර වටින්නෙ නෑ. ඔන්න බලන්නකො කොහොමත් රට ලොක්ඩවුන් කරන්නෙ නෑ. අහින්සක පොඩි මිනිහට විතරක් කෙලවෙන විදියට ඔනෙනම් රටට සන්චරන සීම දාවි එච්චරයි.

  2. රට වහන එක හොදයි හැබැයි රට වහන එක නෙමෙයි මේකට විසදුම මිනිස්සු පරිස්සම් වෙන එක තමා හොදම දේ.රට වහනව නම් අත්‍යවශ්‍ය අංශ හැර අනිත් සියලු අංශ වල වැටුප් අඩු කර යුතුය.දවස් පඩි ගන්න මිනිහට රට වැහුවා කියලා සල්ලි ලැබෙන්නේ නෑ හැබැයි රට වහුවට ගෙදර ඉන්න රජේ සේවකයාට පඩි ලැබෙනවා.ඒ පඩිය ගෙවන්න දවසේ පඩි ගන්න මිනිහගේ බදු මුලලුත් එකතු වෙනවා.

  3. ආණ්ඩුවේ පළමු වගකීම ජන ජීවිත ආරක්ෂා කිරීම උවද වත්මන් ආණ්ඩුව විසින් ,තමනුත් තම හිතවාදීනුත් හැර සමස්ත ජන ජීවිතය විනාශය කරා ගෙන යමින් සිටී



අපගේ නවතම වීඩියෝ පුවත්