spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රට රැකියා පෙන්වා මුදල් ගැරූ සැකකරු දැලේ

විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඩුබායි ඕමාන් සහ රුමේනියාව යන රටවල රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කර ඇති බවටයි ජාඇල පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ.

ඒ අනුව අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කර ඊයේ රාත්‍රී ඒකල ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම පුද්ගලයා විදේශ රැකියා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 41කට අධික මුදලක් වංචා කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

46 හැවිරිදි සැකකරු නිවාසිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම පුද්ගලයා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ජාඇල පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?