රට රැකියාවලට ගිය අයට විශේෂ නිවේදනයක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී, විදේශ රැකියාවල නිරත පුද්ගලයින්ට යළි ඒ සඳහා ලියාපදිංචි වීමට සහන කාලයක් ලබා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර ඇත.

ඒ අනුව නොවැම්බර් මස 15 දින සිට දෙසැම්බර් 14 දක්වා මාසයක කාලය තුළ පමණක් මෙලෙස ලියාපදිංචිවීමට අවස්ථාව හිමිවේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී ලොව ඕනෑම රටක විදේශ රැකියාවක නිරත වන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් තමා සේවයේ නියුතු රටේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට පැමිණ වලංගු වීසා බලපත්‍රය සහ රැකියා ගිවිසුම හෝ පත්වීම් ලිපිය ඉදිරිපත් කර අදාළ ගාස්තුව ගෙවා ලියාපදිංචිය ලබාගත හැකිය.

රැකියා ගිවිසුම හෝ පත්වීම් ලිපිය නොමැති ශ්‍රමිකයින් හට තානාපති කාර්යාලයේදී ලබාදෙන ප්‍රකාශ පත්‍රය පුරවා ලියාපදිංචිය ලබාගත හැකිවේ.

ලියාපදිංචි විගමනික ශ්‍රමිකයින්ට හිමිවන සුබසාදන හා රක්ෂණ ප්‍රතිලාභ මෙම පිරිසටද හිමිකර දීමේ අරමුණෙන් මෙම විශේෂ සහන කාලය ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14