රට රස්සා දෙන මුවාවෙන් දහස් ගනනකට විද්ද කම්බා හොරා මාට්ටු

රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලිපි ශීර්ෂයට සමාන අන්දමින් ව්‍යාජ ලෙස සැකසූ ලිපි ශීර්ෂයක් භාවිතා කරමින් ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බවට සඳහන් කර වංචනිකව මුදල් ලබාගත් ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සඳහන් කළේ, මෙය මුළුමනින්ම වංචනික ක්‍රියාවක් බවත් ඒ සඳහා කාර්යාංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය.

ඊශ්‍රායලයේ රැකියා සඳහා රාජ්‍ය බඳවාගැනීම් සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පමණි.

කාර්යාංශය විසින් මෙවැනි බඳවාගැනීම් සඳහා කිසිදු පුද්ගලයෙකුට වගකීමක් හෝ බලයක් පවරා දී නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පවසයි.   

මෙවැනි වංචනිකයින්ට හසු නොවන ලෙසත්, ඔවුන් විසින් ලබාදෙන ගිණුම් අංකවලට මුදල් තැන්පත් නොකරන ලෙසත් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 

මෙවැනි වංචාකරුවන් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ 24 පැය පුරා ක්‍රියාත්මක වන 1989 අංකයට දැනුම් දෙන ලෙස ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14