රට යන්න කටුනායකට පැමිණි මගීන් නොසන්සුන්

කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් පරිගණක පද්ධතිය අද දහවල් 11.30 පමණ සිට අක්‍රීය වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් විදෙස් ගත වීමට පැමිණි විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ තුළ නොසන්සුන්තාවට පත්ව සිටින බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මෙම පරිගණක පද්ධතිය පෞද්ගලික අංශයේ සමාගම් කීපයක් විසින් සකස් කර පවත්වා ගෙන යනු ලබන අතර නිසි නඩත්තු කිරීමක් නොමැති නිසා මාසයකට කිහිප වරක් මෙලෙස අක්‍රීය වන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

එසේම ජාත්‍යන්තර පොලිසිය සමග මෙම පරිගණක පද්ධතිය ඒකාබද්ධ කර පවතින අතර එහි මන්දගාමී වීම ද කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය අඩපණ වීමට හේතු වන බව සඳහන්.

අද දහවල් 12.20 පමණ වන විට ක්‍රමයෙන් මෙම පරිගණක පද්ධතිය යළිත් සක්‍රීය වෙමින් පවතින අතර ගුවන් තොටුපොළ තුළ පවතින අධික මගී තදබදය මදක් ලිහිල් වෙමින් පවතින බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

අද දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් ලෝකයේ විවිධ රටවල ගමනාන්ත කරා පිටත්ව වීමට සහ එවැනි ගමනාන්තවල සිට ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබෙන ගුවන් යානා රාශියක් මේ නිසා බලපෑමට ලක් විය හැකි බව ද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48