රට බංකොලොත් වෙන්න ඉඩ තිබෙනවා…

තවත් සති කිහිපයකින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රට බංකොලොත් බවට ප්‍රකාශයට පත්කිරීමට සිදු වෙනු ඇති බවත් වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් ළවා අනිවාර්යෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගත යුතු බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.කොළඹ නිදහස් චතුරස්‍රයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“පසුගිය අවුරුදු ගාණ තිස්සේම මම ප්‍රකාශ කළා රට බංකොලොත් වෙන්න ආසන්නයි ඒ නිසා ඩොලර් පරිහරණය ඉතාමත් පරිස්සමෙන් කරන්න කියලා.

නමුත් කනකට ගන්නේ නැතිව වියදම් කරලා කරලා අද විනාශ මුඛයට පරිවර්තනය වෙලා තියෙන්නේ. තව සුමාන තුන හතරකින්, මාස දෙක තුනකින් රට බංකොලොත් රටක් කියලා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ප්‍රකාශ කරන්න සිද්ධවෙනවා.හෙට කවුරු ආවත් මේ තත්ත්වයට පත්වෙනවා.

අනිවාර්යයෙන්ම පාලකයන්ට හොරකම් කරන්න කියලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන එකම රට ලංකාව. මෙතන තමයි මේ ගැටලුව තියෙන්නේ. තව කවුරුහරි අරගත්තා කියලා මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ.

ඒ නිසා මේ ඉන්න රැළගෙන්ම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන්ම කර ගැනීම අත්‍යාවශ්‍යයි. මොවුන් ගෙදර යැවීම අත්‍යාවශ්‍ය කාරණයක් වුණත් අපිට ලොකු වගකීමක් තියෙනවා අනිවාර්යෙන්ම මොවුන් ලව්වා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගන්න වැඩ ටික කරවා ගන්න.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00