spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රට පනින්න හැදූ වකුගඩු ජාවාරම්කරු රිමාන්ඩ්

දිළිඳු පවුල්වල පුද්ගලයින් රවටා බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සිදුවූ වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකරු අද කොළඹ අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

දිළිදු පවුල්වල පුද්ගලයන්ට මුදල් දෙන බව පවසා මුළා කරමින් ඔවුන්ගේ වකුගඩු ලබා ගැනීමේ ජාවාරමට අදාළ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කළ මෙම සැකකාර පුද්ගලයා ඊයේ රාත්‍රී ඩුබායි රාජ්‍යය වෙත පළා යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී යි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ.

මෙම සැකකරු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක්.

සැකකරු ජංගම දුරකතන උපාංග අලෙවි කිරීමේ රැකියාවක නිරතව සිට ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මොහු අදාළ පෞද්ගලික රෝහලේ සුළු සේවකයෙකු ලෙස පෙනී සිටිමින් මුදල් ලබා දෙන බවට දිළිදු පවුල්වල පුද්ගලයන් මුළා කර වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් සිය විමර්ශනවල දී අනාවරණ කර ගෙන තිබෙනවා.

මෙම සිදුවීම් හේතුවෙන් මොහුට එරෙහිව පසුගිය ජනවාරි මස 17 වනදා අධිකරණය විසින් ගුවන් ගමන් තහනමක් පනවා තිබී ඇති අතර, ඔහු ඒ බව නොදැන ඊයේ රාත්‍රී 08.30ට පමණ ඩුබායි බලා පළා යාමට පැමිණ සිටියදී අත් අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?