රට පනින්න හැදූ වකුගඩු ජාවාරම්කරු රිමාන්ඩ්

දිළිඳු පවුල්වල පුද්ගලයින් රවටා බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සිදුවූ වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකරු අද කොළඹ අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

දිළිදු පවුල්වල පුද්ගලයන්ට මුදල් දෙන බව පවසා මුළා කරමින් ඔවුන්ගේ වකුගඩු ලබා ගැනීමේ ජාවාරමට අදාළ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කළ මෙම සැකකාර පුද්ගලයා ඊයේ රාත්‍රී ඩුබායි රාජ්‍යය වෙත පළා යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී යි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ.

මෙම සැකකරු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක්.

සැකකරු ජංගම දුරකතන උපාංග අලෙවි කිරීමේ රැකියාවක නිරතව සිට ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මොහු අදාළ පෞද්ගලික රෝහලේ සුළු සේවකයෙකු ලෙස පෙනී සිටිමින් මුදල් ලබා දෙන බවට දිළිදු පවුල්වල පුද්ගලයන් මුළා කර වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් සිය විමර්ශනවල දී අනාවරණ කර ගෙන තිබෙනවා.

මෙම සිදුවීම් හේතුවෙන් මොහුට එරෙහිව පසුගිය ජනවාරි මස 17 වනදා අධිකරණය විසින් ගුවන් ගමන් තහනමක් පනවා තිබී ඇති අතර, ඔහු ඒ බව නොදැන ඊයේ රාත්‍රී 08.30ට පමණ ඩුබායි බලා පළා යාමට පැමිණ සිටියදී අත් අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03