රට දීර්ඝ කාලයක් වසා දැමීමට සිදුවුවහොත් සියලු දෙනා කැපකිරීම් කිරිමට සුදානම් වෙන්න – ජනපති ජාතිය අමතා ප්‍රකාශ කරයි

ඉදිරියේදී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කරන්න සුදානම් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා.

මේ තීරණාත්මක මොහොතේ රටේ සියලු දෙනාම බැරෑරුම් තත්ත්වය තේරුම් ගෙන සැලසුම් සහගතව රට ඉදිරියට ගෙන ආ යුතුයි. එම නිසා කණ්ඩායමක් ලෙස කොවිඩ් වසංගතය පරාජය කිරීමට එක්ව වැඩ කරන ලෙස සියලු දෙනා ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

තම ජීවිතය නොතකා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සිය ගෞරවය පුදකරන බවත් සිය දිවි පුජා කරමින් කටයුතු කළ සෑම සෞඛ්‍ය අංශ සේවකයෙකුටම සිය ගෞරවය පුදකරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

සෞඛ්‍ය අංශ පවතින තත්ත්වය සම්බන්ධයෙන් එක් කෝණයකින් බැලුවත් රජයක් ලෙස අප විදෙස් ණය ගෙවීම, වැටුප් ලබාදීම ඇතුළු විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුව ඇති බවද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කර සිටියා.

රට නැවත වරක් සම්පුර්ණයෙන් වසා දැමීමෙන් රට ආර්ථිකයට දැඩි හානියක් සිදුවන බවත් පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් රට අද රාත්‍රී 10 සිට ලබන 30 වෙනිදා අලුයම 4.00 දක්වා තීරණය කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

මෙරට වාර්තා වන කොවිඩ් මරණ වලින් බහුතරයක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බවත් ඒ නිසා නිධන් ගත රෝග වලින් පෙලෙන අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සතියකට වරක් හෝ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් සිදුකරන ලෙස තමන් සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දුන් බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කර සිටියා.

කොරෝනා වසංගත මැඩ පැවැත්වීමට එකම විසඳුම එන්නත්කරණය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේත්, වෛද්‍ය විශේෂඥයින්ගේ මෙන්ම ලෝකයේ සම්මතමතයයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට එන්නත් ගෙන්වා ගැනීමට පසුගිය කාලයේදී තමන් විශේෂ උනන්දුවක් ගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. 

චීනය, ඉන්දියාව වැනි රටවල රාජ්‍ය නායකයින්ට තමන් පෞද්ගලිකව කතා කරනු ලැබු බවත් ඒ වගේම තවත් රාජ්‍ය නායකයින්ට ලිපි යවමින් ද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ දුත කාර්ය මණ්ඩල හරහා එන්නත් නිෂ්පාදනය කරනු ලබන රටවල් සමග සම්බන්ධ වෙමින් එන්නත් ලබා ගැනීමට කටයුතු කරනු ලැබු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම එම උත්සහයේ ප්‍රථිපලයක් ලෙස මේ වන විටසෑම මසකම ශ්‍රී ලංකාවට අවශ්‍ය එන්නත් සෑම මසකම ලැබෙමින් පවතින බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකාවට පළමුව ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලැබූ බවත්, දෙවනුවට චීනයෙන් සයිනෝෆාම් එන්නත ලැබුවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාදීම මසකින් ප්‍රමාද වු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ. කෙසේ වෙතත් පසුගිය මැයි මස 08 වෙනිදා සිට සයිනොෆාම් එන්නත අඛන්ඩව ජනතාවට ලබාදීමට හැකියාව ලැබු බව ජනාධිපතිවරයා සඳහන් කළා.

අමෙරිකාවෙන් ෆයිසර් සහ මොඩර්නා එන්නතත්, ජපානයෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත සහ රුසියාවෙන් ස්පුට්නික් එන්නත් ලැබී තිබෙන නිසා ලෝකයේ එන්නත් ලබා දෙන රටවල් අතර ශ්‍රී ලංකාව ඉහලින්ම සිටින බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39