රට දැය වෙනුවෙන් දිවි පිදූ හසලක වීර ගාමිණී රණවිරුවාගේ තිස් වසරක මතකය

රට වෙනුවෙන් දිවි පරදුවට තැබූ හසලක ගාමිණී දැයෙන් සමුගෙන අදට වසර 30 ක් සපිරෙනවා.

පුරා වසර තිහක්‌ මුළුල්ලේ අපේ රටට මහත් විනාශයක්‌ සිදු කළ කොටි ත්‍රස්‌තවාදී යුද සමයේ අලිමංකඩ යුද හමුදා කඳවුරට එල්ලවීමට ගිය දරුණු බෝම්බ ප්‍රහාරය සිය ජීවිතය පූජා කරමින් වැළැක්‌වූ මෙන්ම සහෝදර සෙබළුන් 1500 කට ආසන්න පිරිසකගේ ජීවිත හසලක වීර ගාමිණී සෙබළා බේරාදුන්නා.

1966 සැප්තැම්බර් 22 වැනි දින හසලකදී උපත ලද වීර ගාමිණී හෙවත් ගාමිණී කුලරත්න පස්‌දෙනකුගෙන් යුත් පවුලේ දෙවැන්නා විය.

හසලක ප්‍රදේශයේ ගොවියකු වූ වයි. බී. බබානිස්‌ ගාමිණීගේ පියා වූ අතර 1980 දී ඔහු මිය ගියේය.

වයි. බී. ජුලියට්‌ නමැති සිය මෑණියන් ද සෙසු සොහොයුරන් සහ සොහොයුරිය සමග ගාමිණී ජීවත් වූයේ හසලක ප්‍රදේශයේ කුඩා නිවෙසකය.

සාමාන්‍ය සෙබළකු ලෙස සේවයට බැඳුණු ගාමිණී කුලරත්න මිය යන විට ලාන්ස්‌ කෝප්‍රල්වරයකු ලෙස සේවය කරමින් සිටියේය.

ගාමිණී රණවිරුවා සිය ජීවිතය පුදා අලිමංකඩ හමුදා කඳවුරේ 1500 කට ආසන්න හමුදා සෙබළුන්ගේ ජීවිත බේරාගනු ලැබුයේ 1991 ජුලි මස 14 වැනි දිනයේදීය.

මෙම වීර ක්‍රියාව වෙනුවෙන් මෙම රණවිරුවා “පරම වීර විභූෂණ” සම්මානයෙන් පිදුම් ලැබීය. පසුව ඔහු සිහිවීමට පිළිරූ දෙකක්‌ද ඉදිකරනු ලැබිණි. ඉන් එකක්‌ ඔහු දිවි පිදූ අලිමංකඩ හමුදා කඳවුර අසල ඉදිකෙරුණු අතර අනෙක්‌ පිළිරුව ඔහුගේ ගම් ප්‍රදේශය වූ හසලක නගරයේ ඉදිකර තිබෙනවා.

රට දැය වෙනුවෙන් සිය දිවි පිදූ හසලක ගාමිණී කුලරත්න රණවිරුවා රටට මෙන්ම දැයටද මහත් අභිමානයකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40