රට තුළ භාණ්ඩ හිඟයක් : වරායේ සිරවුණු භාණ්ඩ කන්ටේනර් ගණන ඉහළට

රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් මාස 2කට අධික කාලයක සිට අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,700 කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ වරායේ සිර වී තිබෙනවා.

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු වෙත ඩොලර් නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී විෂය භාර අමාත්‍යවරුන් ඇතුළු රජයේ බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වුව ද මෙතෙක් ඩොලර් නිකුත් කිරීම පිළිබඳ සාධාරණ විසඳුමක් ලැබී නොමැති බව එම සංගමය පෙන්වා දෙන්නේ.

කොළඹ වරායේ සිර වී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීමට නොහැකි තත්ත්වයක් තුළ මේ වන විට රට තුළ භාණ්ඩ හිඟයක් ද නිර්මාණය වී ඇති අතර එම තත්ත්වය ඉදිරියේදී තවදුරටත් දැකිය හැකි බව සඳහන්.

කෙසේවෙතත් උද්ගතව ඇති මෙම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන 18 වනදා වෙළෙඳ අමාත්‍යවරයා සමග හමුවක් පැවැත්වෙන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

මේ අතර පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් සිමෙන්ති නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව එම සමාගම් පවසනවා.

මේ හේතුවෙන් ඉල්ලුමට සරිලන ආකාරයේ සැපයුමක් ලබාදීමේ නොහැකි තත්ත්වයක් මතුව ඇති බව සිමෙන්ති නිෂ්පාදන සමාගම් පෙන්වා දෙනවා.

දේශිය සිමෙන්ති සමාගමක් මසකට සිමෙන්ති මෙට්‍රික්ටොන් 230,000 ක් මෙරට තුළ නිෂ්පාදනය කෙරෙන අතර තවත් මෙට්‍රික්ටොන් 20,000 ක් ආනයනය කරන බව සඳහන්.

කෙසේවෙතත් පවතින ඩොලර් අර්බුදය හමුවේ සිමෙන්ති මෙන්ම සිමෙන්ති නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම පිළිබඳව ද ගැටලු මතුව ඇති බව සිමෙන්ති නිෂ්පාදන සමාගම් ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42