රට තුළ නිපදවන සනීපාරක්ෂක තුවා බදුවලින් නිදහස් – රංජිත් සියඹලාපිටිය

මෙරට සනීපාරක්ෂක තුවා අවශ්‍යතාවයෙන් 92%ක් ම රට තුළම නිපදවන බවත්, ඒ සඳහා කිසිදු බද්දක් අය නොකරන බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාරය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආනයනික ඉතිරි 8%ක ප්‍රමාණය නිෂ්පාදිත ද්‍රව්‍ය ලෙස එක් සමාගමක් මෙරටට ගෙන එන අතර, ඒ සඳහා අය කරන්නේ ද 22.5%ක බදු මුදලක් පමණක් බවයි.

වරාය සහ ගුවන් තොටුපොළ බද්ද, සමාජ ආරක්ෂණ බද්ද සහ සෙස් බද්ද යන සියළු බදු මෙම 22.5 % කට ඇතුළත් බවත් ඔහු සඳහන් කළා.

එම බදු ප්‍රමාණය අය කරන්නේ ද දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් පමණක් බවයි ඔහු පැවසුවේ.

තල්දූව ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර පවතින ආර්ථික අර්බුදයත් සමඟ මෙරට කාන්තාවන් 40%ක් පමණ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී ඇති බව පසුගිය දා මාධ්‍ය වාර්තා කළා.

සනීපාරක්ෂක තුවා සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14