spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රට චොක්ලට් අලෙවිකරන ස්ථාන වටලා මෙහෙයුම්

විදෙස් රටවල සිට නීති විරෝධී අයුරින් මෙරටට ගෙන්වන ලද චොක්ලට් අලෙවිකරණ ස්ථාන වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

නීති විරෝධී අයුරින් ගෙන්වන ලද චොක්ලට් සහ රසකැවිලි අලෙවිකරණ ස්ථාන රට පුරා ව්‍යාප්ත වී ඇති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

මේ අතර නීති විරෝධී අයුරින් මෙරටට ආනයනය කර ඇති, ශ්‍රී ලංකාවේ ප්‍රමිතීන්ට අනුකූල නොවන රසකැවිලි සහ චොක්ලට් මිලදී ගැනීමෙන් වැළකී සිටින ලෙසත් ඔහු මහජනතාවට දැනුම් දෙනවා.

එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවන්නේ කිසියම් රටක නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍යක් මෙරටට ගෙන්වා අලෙවි කිරීමේ දී අනුගමනය කළ යුතු නීත්‍යාණූකූල ක්‍රමවේදයන් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් මෙන්ම පාරිභෝගිකයින් ද අවධානය යොමු කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?