රට ගොඩනැගීමට ජනාධිපතිගෙන් දෙමළ ජාතික සන්ධානයට ආරාධනා

රට ගොඩනැගීම සඳහා තමා සමග එක්ව කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) දෙමළ ජාතික සන්ධානය සමග පැවති සාකච්ඡාවකදී ඔවුන්ට ආරාධනා කර සිටියේය.

සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතුළු කරුණු 5ක් සම්බන්ධයෙන් එහිදි සාකච්ඡාවට ලක්වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා,

“අපි ගැඹුරින් අපේක්ෂා කරන්නේ එක්සත්, නොබෙදුණු, වෙන්කළ නොහැකි ශ්‍රී ලංකාවක්. සියලුදෙනාගේ ස්වෛරීත්වයට ගෞරව කරන රටක්. එවිට සියලුදෙනාටම ස්වෛරීත්වයට සාධාරණ ප්‍රවේශයක් ලැබේවි. එක්සත්, නොබෙදුණු, වෙන්කළ නොහැකි ශ්‍රී ලංකාවක් තුළ ශ්‍රී ලංකාව සශ්‍රීකත්වයට පත්වීම අපේ අපේක්ෂාවයි.”

මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එකඟවූ කරුණු පැහැදිලි කළා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා, 

“වහාම කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙන බව අපි පිළිගත්තා. පළමුවෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලීනව රඳවාගෙන සිටින අය නිදහස් කිරීමට අධිකරණ ඇමතිතුමා සහ මම එකතුවෙලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන්න එකඟ වුණා. දෙවනුව ඉඩම් ප්‍රශ්නය. උතුරු – නැගෙනහිර ජන සංයුතිය වෙනස් කිරීමේ මුවාවෙන් ඉඩම්වල සිදුකරන සියලුදේ නතර කරන්න සහතික වුණා. උතුරු – නැගෙනහිරට විශේෂ සංවර්ධන අරමුදලක් පිහිටුවන්න පියවර ගන්නවා. ඒ තුළින් ඩයස්පෝරා ආයෝජන ගේන්න අපි කටයුතු කරනවා. රජය ඒකට අවශ්‍ය වාතාවරණය සකස් කරන බව කිව්වා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය - අපිට මේ දිනවල දානය ලැබෙන්නේ නෑ
04:45
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුවට කටඋත්තර නැතිවෙන්නම දෙයි
13:41
Video thumbnail
අනුරගේ පුනරුද ආණ්ඩුව යන්නේ රිවර්ස් එකට - ලාල්, වසන්ත JVP ආණ්ඩුවට ඉන්දියාවට පාවා දෙනවා
04:59
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට ජී.එල් උත්තර දෙයි
04:49
Video thumbnail
ස්ටේෂම ඇතුලටම ගිහින් පොලිසියට දාපු සද්දේ
02:11
Video thumbnail
කාත්තන්කුඩිය රත්කළ විශාල ගින්න - කෝටි ගණනක අලාභයක්
01:29
Video thumbnail
ඡන්දෙට ලෑස්ති වෙන්න - අනිවාර්යෙන් මේ අවුරුද්දේ තියනවා
10:17
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුලේ ත්‍රස්තවාදියාව සිහිපත් කරනවා - එකෙක්වත් කට ඇරියේ නෑ
05:49
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:20:31
Video thumbnail
මේ ආණ්ඩුව රටේ ආර්ථිකය විකෘති කරලා ඉවරයි - ආයේ බලන්න දෙයක් නෑ
05:07