රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය, හැකියාව සහ ආකල්ප අපේ දරුවන්ට තියෙනවා – අග්‍රාමාත්‍යවරිය

දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය, හැකියාව සහ ආකල්ප පවතින බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය මාර්ග විවර කරදීම වැඩිහිටියන්ගේ යුතුකම බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් බලාපොරොත්තු වෙන්නේ දරුවන්ට අධ්‍යාපනය තුළ පවතින අවස්ථා පුළුල් කිරීම පමණක් නොවන බවවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

“Sri Lanka Skills Expo 2025” ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ඊයේ (10) සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

“අපි ආරම්භ කරලා තියෙන අධ්‍යාපනය පරිවර්තනය තුළ මේක සුවිශේෂී අවස්ථාවක්. මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අපේ දරුවන්ට අධ්‍යාපනය තුළ පවතින අවස්ථා පුළුල් කරන්න විතරක් නෙවෙයි එම අවස්ථා හඳුනගන්න ඔබට මාර්ගය විවෘත කරන්න. මෙම අත්දැකීම් අධ්‍යාපනය තුළින් ලබාදීමට තමයි මේ වැඩසටහන් සංවිධානය කරන්නේ.
ඔබට පුළුවන් වෙනවා මේ ප්‍රදර්ශනය තුළ ඔබේ ඉදිරි ගමන් මග තුළ අදහසක් ලබාගන්න. ඔබේ සහ දෙමාපියන්ගේ කැමැත්ත, ඔබේ හැකියාවන් සියල්ලම සලකා බලලා අද ලෝකය තුළ නිර්මාණය වන අවස්ථා ගැන දැනුවත් වෙන්න හොඳම අවස්ථාවක් කියල මම හිතනවා.
ඇත්තටම මේ කාලය තුළ අධ්‍යාපනය ලබා සමාජයට ඇතුල් වෙන්න ඉන්න ඔබේ පරම්පරාවට අභියෝග ගණනාවක් තියෙනවා. තාක්ෂණය නිසා ලෝකය ඉතාමත් සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. විශේෂයෙන්ම අපි කාටවත් හිතා ගන්න බැරි විදිහට සමාජය වෙනස් වෙනකොට ඒ වෙනස් වෙන සමාජය තුළ වෘත්තීනුත් වෙනස් වෙනවා. අපි හිතන සාම්ප්‍රදායික ගමන් මගේ ගිහිල්ලා මේ සමාජය තුළ සාර්ථක විදිහට ගමනක් යන්න බැරි වෙනවා. වෙනස් වෙන සමාජය ගැන අපි හොඳ අවබෝධයකින් අපේ අධ්‍යාපන ගමන් මගේ යා යුතුයි.
මේ තුළින් අපේ ජාතික සංවර්ධන සැලැස්මටත් ඔබව එකතු කරගන්න පුළුවන් වෙනවා. අපි ආර්ථිකය දියුණු කරන්න යන ඒ මාවත් මොනවද කියන එක මෙම වැඩසටහන් මගින් ඔබට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සංවර්ධන ආර්ථික සැලැස්ම තුළ ඔබට කොතැනටද සම්බන්ධ වෙන්න පුළුවන් කොතනද කොටස්කරුවෙක් වෙන්න පුළුවන් කුමන මගකින්ද කියන එක ගැන ඔබට පමණක් නොවේ ඔබේ ගුරුවරුන්‍ට, දෙමාපියන්ටත් අවබෝධයක් ලබාගන්න පුළුවන්.
මෙම ප්‍රදර්ශනය අතිශයින්ම වැදගත් දෙයක්. මේ තුළින් ඔබට අලුත් ලෝකයක් , සමාජයක් විවෘත වෙනවා. ලෝකය තුළ ඇතිවන නව ප්‍රවණතා මොනවද කියල දැනගන්න පුළුවන් වෙනවා. ඔබ හිතනවට වඩා සමාජය තුළ ඔබට අවස්ථා තියෙනවා ඔබට තැනක් තියෙනවා. ඔබ එනකං අපි බලාගෙන ඉන්නේ. මේ අවස්ථාව භාර අරගෙන ඒවත් එක්ක ඉදිරියට යන්න. ඔබ ඉදිරියට යන ගමන තුළ රටක් දියුණු කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපේ පැත්තෙන් අපිට කරන්න පුළුවන් ඔබට මේ අවස්ථාව ලබා දෙන එක සහ අලුත් අවස්ථාවන්ට පාර කපලා දෙන එක. ඒ අවස්ථා අරගෙන ඉදිරියට යන එක තමයි ඔබට කරන්න තියෙන්නේ.
මට විශ්වාසයි මෙතන ඉන්න දූ දරුවන්ට සමාජය ගොඩනගන්න අවශ්‍ය ශක්තිය, හැකියාව සහ ආකල්පය තියෙනවා. ඔබ තමා ඊළඟ පරම්පරාවේ නායකත්වය ලබා ලබාගන්න ඉන්නේ. මං හිතන්නේ ඒක ඔබට හැමෝම කියන දෙයක්. නමුත් අපි කියනවා විතරක් නෙවෙයි ඒ අවස්ථා ඒ නායකත්වය ලබාගන්න පුළුවන් අධ්‍යාපන පසුබිමකුත් සමාජය තුළ ඒ ආර්ථික දියුණුවත් අපි ලබා ලබාදෙන්න අවශ්‍ය මාර්ග ඔබ වෙනුවෙන් විවර කරනවා. වැඩිහිටියන් හැටියට අපිට වගකීමක් තියෙනවා ඒක අපි ඔබට කොහොම හරි කරලා දෙනවා. එම අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ඔබ මේ රට ඉදිරියටම ගෙනියන්න කියන ආරාධනය කරනවා”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18