රට මේ වන විට අර්බුද රාශියකට මුහුණ දෙමින් පවතින බවත් එයින් ජනතාව මුදවා ගැනීම වෙනුවෙන් සියලුම පක්ෂ එක්ව අවම වශයෙන් අවුරුදු 10ක වැඩපිළිවෙළකට යා යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
2022 වසර අර්බුද රාශියක් පවතින වසරක් බවත් දේශපාලනය කිරීමට රටක් තිබිය යුතු බවත් ඔහු පැවැසීය.
“අපි රටට ආදරේ නම් යම්කිසි වැඩපිළිවෙළකට යා යුතුයි. දේශපාලනය නොකර මේ අවස්ථාවේදී රට ගැන සිතලා රටේ මිනිස්සුන්ගේ ආර්ථිකය ගැන හිතලා දරුවන්ගේ අනාගතය ගැන සිතලා සියලු දෙනා එකතු විය යුතුයි මගේ අදහස”
රන්ජන් රාමනායක මහතා බැහැ දැකීමෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
රන්ජන් රාමානයක මහතාගෙන් දේශපාලන පළි ගැනීමක් කළ බවත් ඔහු පැවැසීය














VERY GOOD IDEA AS WE GOT TO DECIDE AS HUMAN BEINGS. THAT SAID, WE ALL ARE ON THIS PLANET FOR A VERY, VERY SHORT PERIOD 👃👃👃