රට ගොඩගන්න කොරියාවේ සහය පතන සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය වන මියෝන් ලී මහත්මිය අතර සුවිශේෂී හමුවක් අද (01) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු වුණා.

පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලාංකේය ජනතාවට කඩිනම් සහන සැලසීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම හමුවීම සිදු කළ අතර එහි දී වත්මන් ආපදා තත්ත්වයෙන් සහන සැලසීමට ආධාර උපකාර ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා කොරියානු තානාපතිනිය හමුවේ ඉල්ලා සිටියා.

ගංවතුර බැසයාමෙන් පසුව ඇති වන පසු ආපදා වසංගත තත්ත්වයන්ට මුහුණ දීමට මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් රෝහල් රැසක කටයුතු අඩපණ වීමත්, දුම්රිය සහ මාර්ග ප්‍රවාහ කටයුතු බිඳ වැටීමත් නිසා ඒවා නැවත ප්‍රතිශ්ඨාපනය කළ යුතු නිසා ඒ සඳහා ආධාර උපකාර ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසුවා.

දීර්ඝ කාලීන සමීප මිතුරෙක් ලෙස කොරියානු ජනරජය විසින් මෙරට නිපුණතාවෙන් හා කුසලතාවෙන් යුත් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දුන්නා සේ මේ අවස්ථාවේ දී රටක් ලෙස නැවත කරන් නැගී සිටීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරියානු තානාපතිනිය හමුවේ ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18