රට ඉඳන් එද්දි හොරෙන් ගේන්න හැදූ දුම්වැටි තොගයක් එක්ක දෙදෙනෙක් හසුවෙයි

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් හතළිස් දෙලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ඒවා රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

ඒ ඊයේ (18) රාත්‍රියේ දී යි.

අත්අඩංගුවට පත් එක් සැකකරුවෙකු ඩුබායි සිට පැමිණි අයෙක් වන අතර ඔහු දුම්වැටි සඟවාගෙන පැමිණ ඇත්තේ රෙදිපිළි තොගයක් අතර යි.

28 හැවිරිදි ඔහු කොට්ටාව – පන්නිපිටියේ පදිංචිකරුවෙක්.

එම විදේශීය දුම්වැටි තොගයේ දුම්වැටි 22000ක් සහ දුම්වැටි කාටූන් 110ක් තිබූ බවත් වාර්තා වනවා.

මෙම සැකකරු ඊයේ පස්වරු 06.35 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

අත් අඩංගුවට ගත් අනෙක් ගුවන් මගියා මීගමුව – කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි ගෘහ සේවිකාවක් බවත් වාර්තා වනවා.

ඇය සිය සේවා කාලය නිමා කර ආපසු මෙරටට එමින් සිටියදීයි, ඇයගේ ගමන් මළු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 20,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 100ක් සඟවා සිටියදී සොයා ගැනුණේ.

එම සැකකාරිය මෙරටට ළඟා වී ඇත්තේ ඊයේ රාත්‍රී 10.30ට පමණ එයාර් ඇරේබියා ගුවන් සේවයේ 3 එල් – 708 දරන ගුවන් යානයෙන්.

මොවුන් දෙදෙනාම ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 42,000ක් අඩංගු දුම්වැටි කාටූන් 210ක් මෙරටට හොර රහසේ ගෙන ඒමට උත්සාහ දැරූ බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් සැකකරු හා සැකකාරිය ඊයේ දින රාත්‍රියේ දී ම පොලිස් ඇප මත මුදා හැරුණු අතර, සැකකරුවන් එළඹෙන 24 හා 31 මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව ආණ්ඩුව යට ගහනවා..පැහැදිලිවම වෙන ගිණුමකට දාලා l Mujibur Rahman
03:48
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15
Video thumbnail
ඉරාන් ක්‍රිකට් බෝඩ් එක භාරගන්නවද ? "භාරදෙන්න එපැයි භාරගන්නවද නැද්ද කියන්න"
02:13
Video thumbnail
සමහරු දැන් මගෙන් ඉගෙන ගන්න එනවා..ලාල්කාන්ත හැමෝගෙම ඉස්සරහා කිව්ව කතාව
03:38
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44