spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රට ඉතාම නරක මට්ටමින් ඉන්දියාවේ තත්ත්වයටම ගමන් කරනවා – වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි

කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් කිනම් ප‍්‍රකාශ සහ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කළත් රට ඉතාම නරක මට්ටමින් ඉන්දියාවේ තත්ත්වයටම ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ මහතා ඊයේ (09දා) පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

මෙම තත්ත්වය සුළුවට හෝ සරලව නොතකන මෙන් නැවතත් රජයට සහ සෞඛ්‍ය අංශවලට දන්වා සිටින බව අවධාරණය කළ හෙතෙම, මෙය කොරෝනා පළමු රැල්ල මෙන් සරල අවස්ථාවක් නොවන බවත් ඉතා භයානක රැල්ලක් බවත් තවදුරටත් සඳහන් කරනවා.

ඉදිරි දින කිහිපය තුළ බරපතළ ලෙස රෝගීන් වැඩිවීමේ ප‍්‍රවණතාවක් පවතින බව සඳහන් කළ වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ මහතා එහිදී මතු විය හැකි අපහසු තත්ත්වයට මුහුණදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුව ඇති බව කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?