රටේ බදු ආදායමට දැවැන්ත තර්ජනයක් වූ ව්‍යාජ නිෂ්පාදන ආනයනය

අනවසර ව්‍යාජ නිෂ්පාදන ආනයනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ බදු ආදායම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීම වෙනුවෙන් අඩු මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීමෙහි නිරත වන මෙම වංචනික වෙළෙඳුන් හේතුවෙන් මෙරට ජාතික ආර්ථික ස්ථාවරත්වය මෙන් ම පාරිභෝගික ආරක්ෂාවද අවදානමට ලක් වී තිබෙනවා.

ජනප්‍රිය සන්නාම නිෂ්පාදනය කරන ආයතනවල හෝ ගෙන්වා බෙදා හරින නියෝජිත ආයතනවල අනුමැතියකින් තොර ව අදාළ සන්නාමගත ව්‍යාජ නිෂ්පාදන ආනයනය කිරීම නිසා මෙරට බදු ආදායම සහ විදේශ විනිමය සංචිත සැලකිය යුතු මට්ටමින් අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගනුදෙනු ඉතා රහසිගතව සිදුවීම හේතුවෙන් ඒවා පිළිබඳව නිසි ගණනය කිරීමක් සිදුකළ නොහැකි වීම ද ගැටලුවක්.

මෙම තත්ත්වයේ ප්‍රතිවිපාක භයානක විය හැකි බවත්, එය ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික දුෂ්කරතා තව තවත් වර්ධනය කරනු ඇති බවත් මේ පිළිබඳ ව අදහස් දක්වන ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.

නීත්‍යනුකූල නොවන අයුරින් මෙරටට ගෙන්වා බෙදා හරින ව්‍යාජ නිෂ්පාදනවල අවම මිල නිසා නීත්‍යනුකූල නිෂ්පාදන දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත් වී ඇති අතර, තීරු බදු සහ බදු පැහැර හරිමින් ආනයනය කෙරෙන මෙම ව්‍යාජ නිෂ්පාදන අඩු මිල ගණන් යටතේ අලෙවි කළ හැකි බවත්, නීත්‍යනුකූල, ගුණාත්මක නිෂ්පාදන අලෙවි කරන වෙළෙඳුන්ට හා බලය ලත් අලෙවි නියෝජිතයින්ට එසේ අඩු මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කළ නොහැකි බවත් අවධාරණය කළ යුතු ම කරුණක්.

මෙසේ අඩු මිල ගණන් යටතේ ගුණාත්මක බවින් තොර නිෂ්පාදන මිල දී ගැනීම නිසා පාරිභෝගික ජනතාවට ඒවායේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් පසුකාලීනව වැඩි මුදලක් වැය කිරීමට සිදු විය හැකියි.

මෙම ව්‍යාජ නිෂ්පාදන සඳහා බොහෝ විට වගකීමක් හෝ අලෙවියෙන් පසු සේවාවක් නොලැබෙන අතර, එහි දී පාරිභෝගික ජනතාවට දැඩි අපහසුතාවකට පත් වීමට සිදුවනවා.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා නියාමන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, පාරිභෝගික ජනතාවගේ දැනුවත් භාවය වර්ධනය කිරීම, නීත්‍යනුකූල ව්‍යාපාර සඳහා සහය දැක්වීම ආදී පුළුල් විකල්ප ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව දැන් දැන් දැඩි වෙමින් පවතින අතර, රජය ඒ වෙනුවෙන් මැදිහත් විය යුතුයි.

ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින්, සැමට සාධාරණ වෙළෙඳපොළක් නිර්මාණය කිරීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු අතර, මෙම වංචනික ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම වෙනුවෙන් රජය ගෙන යන පිළිවෙල තවත් ශක්තිමත් කළ යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14