spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටේ ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රොන් බවට පත් වෙයි

වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා සඳහන් කළේ, මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය අභිබවා ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ පැතිරෙමින් ඇති බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය නදීක ජානගේ මහතා,

“ඩෙල්ටා ප්‍රභේදයත් තාම තියෙනවා. නමුත් වැඩිපුරම තියෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය. මේ ඔමික්‍රෝන් සම්බන්ධයෙන් අපි කලින් අනුමාන කළ පරිදි පැතිරීම සීඝ්‍රයෙන් වෙනවා මේක ඩෙල්ටා අභිබවා යයි කියලා. ඒ තත්ත්වය උදාවෙලා තියෙනවා. අපි පරීක්ෂා කළොත් වැඩිපුර ම තියෙන්නේ ඔමික්‍රෝන්. නමුත් ඩෙල්ටා ප්‍රභේදයත් ඒ අතර යම් පැතිරීමක් දක්නට ලැබෙනවා. යම් අවස්ථාවක දී ඩෙල්ටා ඉතාම සුළු තත්ත්වයකට පත්වෙලා ඔමික්‍රෝන් ප්‍රධාන ප්‍රභේදය බවට පත්වෙන්න පුළුවන්. අපි එංගලන්තය හා අමෙරිකාව වගේ රටවලත් ඒ තත්ත්වය දැකලා තියෙනවා.”

සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී මැදිවත්ත මහතා සඳහන් කළේ,හෙද හෙදියන්ට ද කොවිඩ් වෛරසය ආසාදනය වීම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි මේ හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතළ අර්බුදයකට මුහුණ පා ඇති බව ඔහු තව දුරටත් පවසා සිටියා.

සමස්ත ලංකා හෙද සංගමයේ විධායක සභික අමිල රත්නායක මහතා සඳහන් කළේ දිවයිනේ බොහෝ රෝහල්වල ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල හිඟයක් ද පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?