රටේ ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රොන් බවට පත් වෙයි

වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා සඳහන් කළේ, මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය අභිබවා ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ පැතිරෙමින් ඇති බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය නදීක ජානගේ මහතා,

“ඩෙල්ටා ප්‍රභේදයත් තාම තියෙනවා. නමුත් වැඩිපුරම තියෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය. මේ ඔමික්‍රෝන් සම්බන්ධයෙන් අපි කලින් අනුමාන කළ පරිදි පැතිරීම සීඝ්‍රයෙන් වෙනවා මේක ඩෙල්ටා අභිබවා යයි කියලා. ඒ තත්ත්වය උදාවෙලා තියෙනවා. අපි පරීක්ෂා කළොත් වැඩිපුර ම තියෙන්නේ ඔමික්‍රෝන්. නමුත් ඩෙල්ටා ප්‍රභේදයත් ඒ අතර යම් පැතිරීමක් දක්නට ලැබෙනවා. යම් අවස්ථාවක දී ඩෙල්ටා ඉතාම සුළු තත්ත්වයකට පත්වෙලා ඔමික්‍රෝන් ප්‍රධාන ප්‍රභේදය බවට පත්වෙන්න පුළුවන්. අපි එංගලන්තය හා අමෙරිකාව වගේ රටවලත් ඒ තත්ත්වය දැකලා තියෙනවා.”

සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී මැදිවත්ත මහතා සඳහන් කළේ,හෙද හෙදියන්ට ද කොවිඩ් වෛරසය ආසාදනය වීම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි මේ හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතළ අර්බුදයකට මුහුණ පා ඇති බව ඔහු තව දුරටත් පවසා සිටියා.

සමස්ත ලංකා හෙද සංගමයේ විධායක සභික අමිල රත්නායක මහතා සඳහන් කළේ දිවයිනේ බොහෝ රෝහල්වල ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල හිඟයක් ද පවතින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01