“රටේ පවතින තත්ත්වයට තම පක්ෂය හැර අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ වගකිව යුතුයි” – ජනාධිපතිවරයා

රටේ පවතින තත්ත්වයට තම පක්ෂය හැර අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ වගකිව යුතු බව හා අවිගත් කැරැල්ලට තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නැති බව මවා පාමින් ජනතා විමුක්ති පෙරමුණ අද ජනතාව රවටමින් සිටින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේනම් ඔවුන් තමන්ගේ නම අවභාවිතා කිරීම වෙනුවෙන් අදාළ පාර්ශ්වයන් වෙතින් වන්දි ඉල්ලා නඩු පැවරිය යුතු බව ප්‍රකාශ කර තිබෙනවා.

ජනතාවට ඉටුකළ නොහැකි පොරොන්දු ලබාදෙමින් ජනතාව මුලා කිරීමේ වරද ජනතා විමුක්ති පෙරමුණ නැවත සිදු කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා අතීත වැරදි පිළිගැනීමට සූදානම් නැති පිරිසකට රටේ අනාගතය භාරදීය හැකි ද කියා ප්‍රශ්න කෙරුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ Stables at Park Street හි ඊයේ (12) පැවැති ‘පුළුවන් පෙරළිය” වැඩසටහන අමතමින්.

එළැඹෙන ජනාධිතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම හමුවට කොළඹ කවය නියෝජනය කරමින් අතිවිශාල පිරිසක් එක්ව සිටි අතර එහිදී තරුණ තරුණියන් යොමු කළ ප්‍රශ්නවලට ද ජනාධිපතිවරයා සාධනීය පිළිතුරු ලබා දෙනු ලැබුවා.

ආර්ථිකය ගොඩ නැගීමේ දී තමන් හට අසීරු තීරණයක් ගැනීමට සිදු වු බවත් එම හේතුවෙන් තමා හට වැට් බදු අඩු කිරීමට සිදු වූ බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියා.

මෙරට ආර්ථිකය යථාතත්ත්වයට පත් කිරීමට තවත් වසර පහක කාලයක් ගතවන අතර ඒ වෙනුවෙන් සැළසුම් සහගත ලෙස කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක් වෙමින් ප්‍රකාශ කළා.

  1. රටේ පවතින දුක්ඛ්ත තත්වයට දේශපාලන පක්ෂ වලට පමනක් දොස් කීම නුසුදුසුය.ආර්ථිකය පාලනය කිරීමට පාර්ලිමේන්තුවට පුද්ගලයන් තෝරා යවන්නේ මහජනයාය.මේ තත්වයට මහජනයා වගකිව යුතුයි නේද? නිරපරාදේ පාලකයන්ට දොස් කීම නුසුදුසුය.
    පාලකයන් අතින් වරදක් නොවූ බවට පාලකයන් දැන් කරන ප්‍රකාශ ද්වේශයකින් තොරව ජනතාවට පිළිගන්න වෙනවා. ජනතාව කරන වැරැදි වලට ජනතාවම දුක් විදිනවා.
    එමනිසා කියන දේවල් අහගෙන ඉන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04